ජාතික හා ජාත්‍යන්තර ‍රැකියා ඉලක්ක කර පොදු වැඩපිළිවෙලක්

ජාතික හා ජාත්‍යන්තර ‍රැකියා වෙළදපොළ ඉලක්ක කරගනිමින් සියලු වෘත්තීය පුහුණු ආයතන හා සම්පත් ඒකරාශී කර පොදු වැඩපිළිවෙලක් සකස් කිරීම කඩිනම් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ තෘතීක කාර්මික අධ්‍යාපන ආයතනවලට අදාළ අනුකමිටුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඉහළ වැටුප් සහිත ඇතැම් විදේශීය රැකියා සදහා විශාල ඉල්ලුමක් පවතින බැවින් ගුණාත්මක බවින් යුතු පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීම සදහා සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව අනුකමිටුව අවධාරණය කරනු ලැබුවා.

පසුගිය මැයි මස 16 වැනිදා පැවති පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී තෘතීක හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාව ඇතුළු වෘත්තීය පුහුණු ආයතනවලට ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා පත්කරන ලද අනුකමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) එම අනුකමිටුව රැස්වූ අවස්ථාවේදීයි මෙම උපදෙස් ලබාදීම සිදු වූයේ.

අධ්‍යාපන අමාත්‍යාංශය, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය, වෘත්තීය පුහුණු අධිකාරිය, ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරීන් මෙම රැස්වීමට කැඳවා තිබුණා.

ඇතැම් වෘත්තීය පුහුණු ආයතනවල කාර්ය සහ අරමුණු ඒකාකාරී වීම ගැටලුවක් බැවින් යම් පොදු වැඩපිළිවෙලක අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

සාමාන්‍යපෙළ සහ උසස් පෙළ විභාග අවසන් කළ සිසුන් සම්බන්ධ කරගනිමින් මේ සම්බන්ධයෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර මෙහි නියමු ව්‍යාපෘතියක් සැප්තැම්බර් ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළා. එසේම මෙවැනි ව්‍යාපෘති විවිධ රජයේ යටතේ වෙනස් නොවන ලෙස පොදු ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව කමිටුව විසින් අවධාරණය කරනු ලැබුවා.

වෘත්තීය පුහුණු ආයතනවල ඉගැන්වීම් සිදු කරන උපදේශකවරුන්ගේ වැටුප් තල පහළ තත්ත්වයක තිබීම ඇතුළු ගැටලු පිළිබදව මෙහිදී අවධානය යොමු වුණා. මේ අනුව සිසුන්ගෙන් අයකර ගනු ලබන සාධාරණ ගාස්තු සහ උපදේශකවරුන්ගේ කාර්යසාධනය පදනම් කරගනිමින් මේ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් මාසයක් තුළ වාර්තා කරන ලෙසටයි අනුකමිටුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත්තේ.

මෙම ආයතන සියල්ල සම්බන්ධ කරගනිමින් ජාතික තොරතුරු පද්ධතියක් සකස් කිරීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා වුණා.

තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව සතුව දැනටමත් දත්ත පද්ධතියක් පැවතියද දැනට ඊට සම්බන්ධ නොවන විභාග දෙපාර්තමේන්තුව වැනි ආයතන ඒකාබද්ධ කර එය වැඩිදියුණු කරන ලෙසටයි මෙහිදී නිර්දේශ කර ඇත්තේ.

එසේම ව්‍යාජ NVQ සහතික හඳුනාගෙන වැරදිකරුවන්ට දඬුවම් කිරීමේ අවශ්‍යතාවද කමිටුව පෙන්වා දී තිබෙනවා. QR කේතයන් මගින් මෙම සහතික හඳුනාගත හැකි වුව ද නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා පවතින අඩු ලුහුඩුකම් සම්පූර්ණ කිරීම සඳහා පනත සංශෝධන කිරීම කඩිනම් කරන ලෙසට කාරක සභාව උපදෙස් ලබාදී තිබෙනවා.

රාජ්‍ය හා පෞද්ගලික යාන්ත්‍රණය තුළ රැකියා තනතුරු නාමය ජාත්‍යන්තර හා දේශීයව පිළිගත් නාමයන් බව පත් කිරීමේ අවශ්‍යතාව කාරක සභාව පෙන්වා දෙනු ලැබුවා. මේ සම්බන්ධව කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කරන ලෙසටයි උපදෙස් ලබා දීම සිදු වූයේ.

NVQ සහතික ලබා දෙන පාඨමාලා නිසිපරිදී නියාමනය කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණා. මුල්‍ය ලාභය පමණක් සලකා ගුණාත්මක නොවන පාඨමාලා පවත්වන ලද ආයතන 81 ක් මේවන විට අතහිටුවා ඇති බව නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළා. නමුත් ඉන් ඔබ්බට ගොස් පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධ කිරීම හා එම ආයතන ම්‍රද්‍රා තැබීමට අදාළව නෛතික පියවර සහිත විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද කමිටුව විසින් නිර්දේශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42