ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතුවල පොළී රඳවාගැනීමෙන් ඇති වූ ගැටළුවට විසඳුමක්

රුපියල් ලක්ෂයකට අඩු තැන්පතු ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රඳවා ගැනීමේ බද්ධ හේතුවෙන් මෙතෙක් මුහණදීමට සිදු වූ අසාධාරණයට විසඳුමක් ලබාදෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රතාශ කළේ අද (27) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම ගැටළු සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා 1944 නව දුරකථන අංකයක් ද හඳුන්වා දී ඇති බවයි.

මේ දක්වා රුපියල් ලක්ෂයකට අඩු තැන්පත් ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම තැන්පතු සඳහා පොළී මුදල් ලබාගත හැකි වූයේ වසරක් ගතවීමෙන් පසුවයි.

ඊයේ (26) දිනයේදී නිකුත් කළ නව චක්‍රලේඛය අනුව වසරක් ගත නොවූව ද රුපියල් ලක්ෂයට අඩු තැන්පත් ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම පොළී මුදල් ලබාගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.

අමාත්‍යවරයා පැවසූයේ මේ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සෑම කාර්යාලයකම වෙනම නිලධාරීයෙකුද පත් කර ඇති බවයි.

මේ දක්වා බදු සීමාවට වඩා අඩු ආදායමක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම තැන්පතු සඳහා පොළී ලබාගැනීමේ දී ගැටළු රැසකට මුහුණදීමට සිදුව තිබූ අතර, ඔවුන්ට තම පොළී මුදල් ලබාගැනීමට වසරක කාලයක් බලා සිටීමට සිදුව තිබුණා.

මේ හේතුවෙන් අසාධාරණයට ලක්ව සිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් විසඳුමක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීම් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.
01:33
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි
01:43
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ
01:49
Video thumbnail
හිරේ දාන්න යනවා කියලා නාමල්ට ඕන රැස්වීමට සෙනඟ අද්දවගන්න - ආණ්ඩුව නෙවෙයි පච ගැහුවේ
02:44
Video thumbnail
නඩු ටික මතක තියාගෙන රැස්වීම් කරගෙන යන්න - නලින්දගෙන් සැර කතාවක්
02:58