ජල ගාස්තු සංශෝධනය කෙරෙන ගැසට් නිවේදනය අද රාත්‍රියේ

ජල ගාස්තු සංශෝධනය කිරීමට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ හෙට (03) සිට ජල ගාස්තු සංශෝධනය කිරීමට නියමිත බවයි.

30% සිට 50% දක්වා ගාස්තු වැඩි වීමක් සිදු කෙරෙන අතර අඩු ආදායම් ලාභී පවුල් සඳහා මෙම ගාස්තු සංශෝධනය මගින් බලපෑමක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.

මෙම ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා මේවන විට රජයේ මුද්‍රණාලයට යොමුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
3
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?