ජර්මනියේ බලය විපක්ෂ සන්ධානයට – ෆෙඩ්රික් මර්ස් ජර්මන් චාන්සලර් ධුරයට

ජර්මන් මහ මැතිවරණයෙන් එරට දක්ෂිණාංශික මතධාරී විපක්ෂ සන්ධානයට ජය හිමිව තිබෙනවා.

ඒ, අනුව විපක්ෂ සන්ධානයට නායකත්වය ලබාදෙන ෆෙඩ්රික් මර්ස් ජර්මනියේ මීළඟ චාන්සලර්වරයා ලෙස පත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔහු සන්ධානයේ ප්‍රධාන පක්ෂයවන කොන්සර්වේටිව් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස ද කටයුතු කරනවා.

ඊයේ (23) දින පැවති ජර්මනියේ මහ මැතිවරණයෙන්, මෙතෙක් කල් ජර්මනියේ බලයේ සිටි මධ්‍ය වාමාංශික ප්‍රජාතන්ත්‍රවා දී පක්ෂය ප්‍රතික්ෂේප කරමින් දක්ෂිණාංශික මතධාරී විපක්ෂ සන්ධානය බලයට ගෙන ඒමට එරට ඡන්ද දායකයින් කටයුතු කර තිබුණා.

මෙවර ජර්මන් මහ මැතිවරණය සඳහා මිලියන 60කට ආසන්න ඡන්ද දායකයින් ප්‍රමාණයක් සුදුසුකම් ලබා සිටියා.

ජාතිකවාදී අදහස් දරණ දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් ජර්මනියේ බලයට පත්වීම එරට දේශපාලනයේ සිදුවුණු පෙරළියක් බවයි දේශපාලන විශේෂඥන් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22