spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ජම්මු කාශ්මීරයේ ත්‍රස්තවාදය පිළිබද සැඟවුණු කතා

ජම්මු සහ කාශ්මීරය වසර තුනක කෙටි කාලයක් තුළ ත්‍රස්තවාදී කලාපයක සිට සමෘද්ධිමත් භූමියක් බවට පත්ව පරිවර්තනය වී තිබේ.

එම පරිවර්තනය ඔස්සේ කලාපය ලොවට අනාවරණය කර ඇත්තේ පාකිස්ථානය විසින් වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව ලෝකයට ප්‍රකාශ ලද බොහෝ කරුණු අසත්‍ය බවයි.

එනම් තමන්ගේ වාසිදායක අවශ්‍යතා වෙනුවෙන් ප්‍රචාරය කරන ලද ව්‍යාජ ආඛ්‍යාන සහ මිථ්‍යාවන් කිහිපයක් බිඳ වැටි ඇති බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පාලනය විසින් 2019 අගෝස්තු 5 වන දින 370 ව්‍යවස්ථාව අවලංගු කිරීමට තීරණය කළ විට, එම තීරණය “දේශපාලන දඩබ්බරකමක්” ලෙස හැඳින්වූ සහ හිමාල කලාපයේ කිසිවක් වෙනස් නොවන බව ප්‍රකාශ කළ බොහෝදෙනෙක් සිටියහ.

එහෙත් එම දුර්මතයන් බිඳදමමින්, 2019 අගෝස්තුවෙන් පසු සංවර්ධනය, සාමය සහ සමෘද්ධිය කරා යන ජම්මු සහ කාශ්මීරයේ ගමන ස්ථාවර සහ ශක්තිමත්භාවයෙන් යුක්තවී තිබේ.

ඉන්දීය රජය පසුගිය වසර තුනක කාලයේදී කටයුතු කරන ලද්දේ කලාපයේ සාමාන්‍ය ජනතාව සවිබල ගැන්වීම සඳහාය.

රජය විසින් යටිතල පහසුකම් සංවර්ධනය, ග්‍රාමීය භූ දර්ශන සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් පරිවර්තනය කිරීම සහ හොඳම සෞඛ්‍ය පහසුකම් සැපයීම වැනි ජනතාවගේ සියලුම අවශ්‍යතා නියෝජනය වන ආකාරයෙන් සිය මැදිහත්වීම සිදුකර ඇත.

එසේම ගොවීන් සඳහා නව මූල්‍ය පහසුකම් සහ වෙනත් යෝජනා ක්‍රම හඳුන්වාදීමෙන් කෘෂිකර්මය හා ඒ ආශ්‍රිත අංශ ද පුනර්ජීවනය කර තිබේ.

රජය ගෙන ඇති මෙම පියවර සාමාන්‍ය ජනතාව තුළ විශ්වාසයක් ඇති කර ඇති අතර, ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා ගෙන ඇති සියලුම මුලපිරීම් සඳහා ඔවුන් ධනාත්මකව ප්‍රතිචාර දක්වා ඇත. ඒ අනුව වසර 70 කට පසු ජම්මු සහ කාශ්මීර සමාජයේ සියලුම ජන කොටස් ප්‍රථම වතාවට එකම සාමුහිකයක් බවට පත්ව තිබේ.

විශේෂයෙන් කලාපයේ තරුණ පිරිස් ඉලක්ක කරගෙන දියත්කර ඇති නව රැකියා යෝජනා ක්‍රම හේතුවෙන්, ඔවුන් පකිස්ථානයේ සහ එහි ගෝලයන්ගේ රැඩිකල්වාදී ආඛ්‍යානය ප්‍රතික්ෂේප කර ඇත.

ජම්මු නගරය වෙන්ව ගත්කල, එය අධ්‍යාපන ආයතනවල කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. පවතින සාමකාමී පරිසරය හේතුවන් චිත්‍රපට රූගත කිරීමේ කීර්තිමත් යුගය හිමාලයානු කලාපයට නැවත පැමිණ තිබේ.

2019 අගෝස්තු 5 න් පසු, කාශ්මීරය එක දිනක්වත් වසාදමා නැත. එනම් එකදු දිනක්වත් ඇඳිරි නීතිය පනවා නැත.

මීට වසර තුනකට පෙර ප්‍රතිසංවිධානය කිරීමේ පනත 2019 රාජ්‍ය සභාවට හඳුන්වා දෙමින්, ස්වදේශ කටයුතු පිළිබඳ ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශ කර ඇත්තේ ජම්මු සහ කාශ්මීරයේ වසර 70 ක දිගු අස්ථාවරභාවය අවසන් කර කලාපයේ සාමය සහ සමෘද්ධිය සඳහා ශක්තිමත් පදනමක් දමන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තාවකාලික විධිවිධානයක් වන 370 වැනි ව්‍යවස්ථාව ඉවත් කිරීම ඔස්සේ පාකිස්තානය අනුග්‍රහය දක්වන ත්‍රස්තවාදය පරාජය කරන බවටත්, බෙදුම්වාදීන්ගේ ආධිපත්‍යය අවසන් කරන බවටත් ඔහු පොරොන්දු වී තිබිණි. 2019 අගෝස්තු 05වැනිදායින් පසු, කාශ්මීර තරුණයෝ විරෝධතා වෙනුවෙන් පාරට බසින්නේ නැත.

වෙලඳපොලවල් අවසාන පැය දක්වා විවෘතව පවතී. පකිස්තානය විසින් එවන ලද ත්‍රස්තවාදීන් කොන් කර ඇති අතර ඔවුන්ගේ සංඛ්‍යාව අඩු වී ඇත. අත්බෝම්බ ප්‍රහාර සහ හදිසි වෙඩි තැබීම් සිදුවී නොමැත. සාමාන්‍ය ජනතාව සංවර්ධන කටයුතුවල සමාන කොටස්කරුවෝ බවට පත්ව සිටිති.

කෙසේවෙතත් මෙවැනි සාමකාමී පරිසරයක් මධ්‍යයේ පසුගිය සතියේ කලාපයේ විරෝධතා සංවිධානය කර තිබෙනු දැකගත හැකිවිය. කාශ්මීරයේ විරෝධතා තරමක් පුදුමයට කරුණක් වුවද, හොඳින් නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකිවූයේ, ඒවා සිය සාමකාමී ජන ජීවිතය ආරක්ෂා කරගැනීමේ අරමුණින් කලාපයේ සාමාන්‍ය ජනතාව විසින් සංවිධානය කර තිබූ විරෝධතා බවයි.

මෙම විරෝධතාවලට හේතුවී තිබුණේ පකිස්ථානය විසින් මෙම වසරේදී ද, පෙබරවාරි 05 වැනිදා ඊනියා ‘කාශ්මීර දිනය’ සැමරීමට කටයුතු කිරීමයි. පාකිස්ථානය විසින් සමරනු ලබන මෙම ව්‍යාජ ‘කාශ්මීර සහයෝගිතා දිනය’ පැහැදිලිවම ඉලක්ක කර ඇත්තේ ඉන්දියාවයි.

එම සැමරුමේ අන්තර්ගතව ඇත්තේ ඉන්දියාවට එරෙහිව පාකිස්ථානය විසින් ලොව පුරා ව්‍යාප්ත කරමින් සිටින ව්‍යාජ ආඛ්‍යානයයි. එනම් ඉන්දියාව පාකිස්තානුවන්ට සහ කාශ්මීර වැසියන්ට එරෙහිව කටයුතු කරන්නේය යන්නයි.

කාශ්මීර සහයෝගිතා දිනය පළමු වරට පාකිස්ථානය විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ 1990 වසරේදීය.

පැහැදිලිවම, සෑම වසරකදීම පාකිස්ථානය විසින් මෙම දිනය භාවිත කරනු ලබන්නේ ඉන්දීය විරෝධී සන්නද්ධ කණ්ඩායම් උසිගැන්වීම සඳහාය.

එසේම ජම්මු හා කාශ්මීර කලාපයේ ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කිරීම සඳහාය. කෙසේවෙතත් පසුගිය සතියේ කාශ්මීරයෙන් වාර්තාවූ සිදුවීම්වලට අනුව පෙනීයන්නේ පාකිස්තානයේ මෙම වංචනික ක්‍රියාවන් සහ ප්‍රචණ්ඩත්වය වැපිරීමට කරන උත්සාහයන් කලාපයේ සාමකාමී සාමාන්‍ය ජනතාව තවදුරටත් නොයිවසන බවයි.

ඒ නිසාම මෙවර කාශ්මීර සහයෝගිතා දිනය සැමරීමට උත්සාහ කළ පාකිස්ථාන පාර්ශවයට එරෙහිව විශාල මහජන විරෝධතා මාලාවක් සංවිධානය කර තිබිණි. කලාපයේ ජනතාව විසින් මෙම උත්සාහය හෙලාදැක තිබුණු අතර, ඊට පටහැනිව එය පාකිස්තානයේ “වංචා දිනය” ලෙස සලකුණු කර සිය විරෝධතා ක්‍රියාත්මක කර තිබිණි.

‘කාශ්මීර සහයෝගිතා දිනය’ පමණක් නොව පකිස්ථානය විසින් සෑම වසරකම 1947 ඔක්තෝබර් 27වැනිදා ‘කළු දින සැමරුමක්’ ක්‍රියාත්මක කරන්නේද ඉන්දියාවට අපහාස කිරීම සඳහාය.

ඉන්දියාව සෑම වසරකම ඔක්තෝබර් 27වැනිදා සිය “පාබල දිනය” ලෙස සමරයි. 1947 වසරේ ඔක්තෝබර් 27වැනිදා ඉන්දීය සන්නද්ධ හමුදා කාශ්මීරයට ඇතුළු වූ අතර, ස්වාධීන කාශ්මීරය වැටලූ පකිස්තානයේ අනුබලයලත් ගෝත්‍රික හමුදාවන් පරාජයට පත් කළේය.

මෙම පාකිස්තානු හමුදා කලාපයේ ම්ලේච්ඡ ආකාරයෙන් ඝාතන සහ ස්ත්‍රී දුෂණ සිදුකරමින් දැවැන්ත විනාශයක් සිදුකළහ. ඉන්දියානු හමුදාවන් පරාජයට පත්කරනු ලැබුවේ ම්ලේච්ඡ උත්සාහයයි. ඒ අනුව, ඉන්දියාව විසින් සෑම වසරකම ඔක්තෝබර් 27 වැනිදා ‘පාබල දිනය’ සමරනු ලබන්නේ, එලෙස කාශ්මීරය ආරක්ෂා කිරීමේ සිය සන්නද්ධ හමුදාවන්ගේ ජයග්‍රහණය සැමරීම වෙනුවෙනි.

එහෙත් වංචනික ආකාරයෙන් පාකිස්ථානය විසින් මෙම දිනයට වැරදි අර්ථකතනයක් ලබාදී ඇත. එනම් ඉන්දියාව විසින් පාකිස්ථානයට එදින ප්‍රහාරයක් එල්ල කළ බව පාකිස්ථානය ලෝකයට කියමින් සිටී.

එමගින් පාකිස්ථානයට අවශ්‍ය වන්නේ කාශ්මීරයේදී තමන් ලද පරාජය සහ සිය ආක්‍රමණයේදී සිදුකෙරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ලොවෙන් සැඟවීමටය.

අනෙක් අතට,කළු දිනය සැමරීම පිටුපස ඇති තවත් හේතුවක් වන්නේ, 1947 ඔක්තෝබර් 27 වැනිදා ඉන්දියාව විසින් කාශ්මීරය අත්පත් කර ගත් බවට ව්‍යාජ අදහසක් ප්‍රචාරය කිරීමය. ඇත්තෙන්ම, කාශ්මීරය නීත්‍යානුකූලව ඉන්දියාවට ඒකාබද්ධ වූයේ බ්‍රිතාන්‍ය කිරීටයද සම්බන්ධ කරගනිමින් අත්සන් කරන ලද ඒකාබද්ධ ගිවිසුමකට අනුවය.

පාකිස්ථානය මේ ආකාරයෙන් සිය මතවාදී පෙරමුණ ඔස්සේ සැලකිවයුතු කාලයක් තිස්සේ ඉන්දියාවට එරෙහිව ප්‍රචාරණ කටයුතු සිදුකළද, ඇත්තෙන්ම අන්තර්ජාතික ප්‍රජාව හමුවේ එම උත්සාහයන් සාර්ථක වී නොමැති බව පෙන්වාදිය යුතුය.

ඒ වෙනුවට එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ පවා සිය වැරදි ප්‍රචාරයන් වෙනුවන් පාකිස්ථානය අවවාද ලබා ලජ්ජාවට පත්ව ඇත.

එහෙත් අවාසනාවන්ත කරුණ වන්නේ කුමන ලජ්ජාවන් මධ්‍යයේ වුවද පාකිස්ථානය සිය ඉන්දීය විරෝධී ව්‍යාජ ප්‍රචාරයන් නැවත්වීමට සූදානමක් නොපෙන්විමයි. එසේම සිය ශක්තිය උපයෝගී කරගනිමින් කාශ්මීරය ස්ථාවර කිරීමට ඉන්දියාව දරන උත්සාහයන්ට සිය ප්‍රචණ්ඩත්වය උපයෝගී කරගනිමින් තවදුරටත් බාධාවන් එල්ලකිරීමයි.

කෙසේහෝ වේවා, කාශ්මීරයේ සාමාන්‍ය ජනතාව නම් තවදුරටත් පාකිස්තානයේ මෙම උත්සාහයන් අනුමත නොකරන බව කිවයුතුය. ඒ වෙනුවට කාශ්මීර ජනතාව දැන් පාකිස්ථානයට එරෙහිව, සිය සාමය සහ සමෘද්ධිය වෙනුවෙන් පාරට බැසීමට වුව සුදානම් බව ප්‍රදර්ශනය කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?