spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ ඉෂිකාවා ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපක 7.6ක් ලෙස සටහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සුනාමි අනතුරු ඇඟවීමත් සමඟ ඉෂිකාවා, නීගාටා, ටොයාමා සහ යමගටා ප්‍රාන්තවල වෙරළබඩ ප්‍රදේශවලින් ඉක්මනින් ඉවත් වන ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා.

මේ අතර මෙම භූ කම්පනයෙන් න්‍යෂ්ටික බලාගාරවල කිසියම් අක්‍රමිකතාවක් තිබේදැයි පරීක්ෂා කරමින් සිටින බවයි ජපාන බලධාරීන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
5
+1
3
+1
32
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?