ජනප්‍රිය හොලිවුඩ් නළු ලාන්ස් රෙඩික් ජීවිතක්ෂයට

ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක් වන ලාන්ස් රෙඩික් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

60 හැවිරිදි වියේ පසු වූ ලාන්ස් රෙඩික් කැලිෆෝනියාවේ පිහිටි ඔහුගේ නිවසේ දී සිකුරාදා (17) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ස්වභාවික හේතුවක් මත ලාන්ස් රෙඩික් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

“ද වයර්” රූපවාහිනී නාට්‍යයෙන් සහ “ජෝන් වික්” ක්‍රියාදාම චිත්‍රපටයෙන් ඔහු බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත් වුණා.

මේ අතර ඔහු රංගනයෙන් දායක වූ “ජෝන් වික්” ක්‍රියාදාම චිත්‍රපටයේ සිව්වන දිගහැරුම ලබන 24 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට ද නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?