ජනප්‍රිය රැප් ගායකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

ජනප්‍රිය රැප් ගායකයෙකු වන දකුණු අප්‍රිකානු ජාතික කීර්නන් ජැරිඩ් ෆෝබ්ස් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

සිකුරාදා රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, දකුණු අප්‍රිකාවේ ඩර්බන් හි රාත්‍රී අවන්හලක් අසල මෙම ඝාතනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කීර්නන් සමඟ තවත් පුද්ගලයෙකු ද මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔහු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ රැප් ගායක කීර්නන්ගේ මිතුරෙක් බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තාකර තිබෙනවා.

1988 ජනවාරි 28 වන දින දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි උපත ලැබූ කීර්නන් ජැරිඩ් ෆෝබ්ස් මෙලෙස ඝාතනයට ලක්වන විට 35 හැවිරිදි වියේ පසු වුණා.

AKA නමින් හැඳින්වෙන මෙම රැප් ගායකයා දකුණු අප්‍රිකානු සම්මාන කිහිපයක් ද හිමිකරගෙන තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
3
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
4
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?