spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජනප්‍රිය ගායකයෙකු අබිරහස් ලෙස මියයයි

දකුණු කොරියාවේ ජනප්‍රිය පොප් ගායක සහ රංගන ශිල්පියෙකු වන මූන් බින් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

25 හැවිරිදි Moonbin සෝල් අගනුවර ගැන්ග්නම්හි පිහිටි නිවසේ දී මියගොස් ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.

ජනප්‍රිය ගායකයාගේ කළමනාකරු බදාදා රාත්‍රී කළ සොයා බැලීමකදී ඊට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් කළ සොයා බලිමකදියි මරණය සම්බන්ධයෙන් අනාවරණ වී ඇත්තේ.

ඔහු සියදිවි නසාගෙන ඇති බව පෙනෙන්නට තිබුණ ද මරණයට නිශ්චිත හේතුව තීරණය කිරීම සඳහා මරණ පරීක්ෂණය සිදු කළ යුතු බවටයි දකුණු කොරියා පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

Moonbin, pop සංගීත කණ්ඩායමක් වන Astro වෙත 2016 වසරේ සම්බන්ධ වීමට පෙර නළුවෙකු සහ නිරූපන ශිල්පියෙකු ලෙස කටයුතු කළා.

ඔහුගේ සොහොයුරිය වන මූන් සුවා ද ගායිකාවක් ලෙසටයි ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ.

Moonbin යනු මෑත කාලයේ ජීවිතය අහිමි වූ නවතම K-pop තරුව ලෙසට සැලකෙනවා.

ගායිකාවක් සහ නිළියක් වූ Goo Hara 2019 වසරේ දී සෝල් හි ඇගේ නිවසේ මියගොස් සිටියදී සොයා ගනු ලැබුවා.

ඇගේ සමීප මිතුරිය, වන K-pop තාරකාවියක් වූ Sulli ද එම වසරේම අන්තර්ජාල හිංසන හමුවේ දිගු අරගලයකින් පසු සියදිවි නසා ගත්තා.

2018 වසරේ දී බෝයි බෑන්ඩ් හි මින්වු නිවසේදී මිය ගිය අතර ඔහු හෘදයාබාධයකට ලක්ව ඇති බවටයි හෙළි වුණේ.

දකුණු කොරියාවේ විශාලතම පිරිමි සංගීත කණ්ඩායමක් වන SHINee හි සාමාජිකයෙකු වන Jonghyun 2017 දී අභාවප්‍රාප්ත වුණා.

සියලුම සංවර්ධිත රටවලට සාපේක්ෂව තරුණ සියදිවි නසාගැනීම්වල ඉහළම අනුපාතය දකුණු කොරියාවේ පවතිනවා.

එරට සමස්ත සියදිවි නසාගැනීම් අනුපාතය පහත වැටෙන අතර, අවුරුදු 20 ගණන්වල අයගේ මරණ ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.

කොරියාවේ අධි තරඟකාරී සමාජයට පීඩා කරන සියදිවි නසාගැනීම් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු කිරීමට රජය උත්සාහ කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?