spot_imgspot_img

ජනපති රනිල් හෙට සිංගප්පූරුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා හෙට (21) දිනයේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ දී සිංගප්පූරු ජනාධිපතිනී හලීමා යෙකුබ් හමු වී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

එමෙන්ම සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා, එරට ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයින් කිහිප දෙනෙකු සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මේ අතර පැරිස් ගිවිසුමේ සඳහන් රාමුව තුළ කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමට ද මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා අත්සන් තැබීමට නියමිත බව සඳහන්.

මෙම නිල සංචාරය සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන අය ද එක්වන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?