spot_imgspot_img

ජනපති යාල වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක (ඡායාරූප)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පෙරවරුවේ යාල ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

යාල ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ හැකියාව සොයා බලන ලෙසටයි ජනාධිපතිවරයා සිය සංචාරයේදී බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වනෝද්‍යානයේ සිඳී ගිය ජල වළවල්වලට ජලය පිරවීමේ වැඩසටහනකට ද රනිල් වික්‍රමසිංහ මහතා එක්වී තිබෙනවා.

යාල ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ පැරණිතම උද්‍යානවලින් එකක් වන අතර අවම භූමි ප්‍රමාණයක ශ්‍රී ලංකා දිවියන් (Panthera pardus kotiya) වැඩිපුරම දැකිය හැකි ස්ථානයක්.

මේ හේතුවෙන් බොහෝ විදේශීය සංචාරකයන් යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙනවා.

ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් සහ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද මෙම සංචාරයට ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස සමඟ එක්ව සිටියා.

1 1
2
3
4 1
5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
1
+1
0
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?