ජනපති යාල වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක (ඡායාරූප)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පෙරවරුවේ යාල ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

යාල ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ හැකියාව සොයා බලන ලෙසටයි ජනාධිපතිවරයා සිය සංචාරයේදී බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වනෝද්‍යානයේ සිඳී ගිය ජල වළවල්වලට ජලය පිරවීමේ වැඩසටහනකට ද රනිල් වික්‍රමසිංහ මහතා එක්වී තිබෙනවා.

යාල ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ පැරණිතම උද්‍යානවලින් එකක් වන අතර අවම භූමි ප්‍රමාණයක ශ්‍රී ලංකා දිවියන් (Panthera pardus kotiya) වැඩිපුරම දැකිය හැකි ස්ථානයක්.

මේ හේතුවෙන් බොහෝ විදේශීය සංචාරකයන් යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙනවා.

ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් සහ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද මෙම සංචාරයට ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස සමඟ එක්ව සිටියා.

1 1
2
3
4 1
5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08