ජනපති පොරොන්දු වූ ඇමරිකානු ඩොලර් මිලියනය නේපාලයට පරිත්‍යාග කරයි

නේපාලයට බලපෑ විනාශකාරී ගංවතුරෙන් පසු සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහායවීමට, නේපාලයට ඇමරිකානු ඩොලර් මිලියනයක මුදලක් පරිත්‍යාග කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය දා ප්‍රකාශ කළා.

ඊට අදාළවන අනුමැතිය ද පසුගිය සතියේ රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් ලබා දුන්නා.

ඒ, අනුව එම ඇමරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය පරිත්‍යාගය නේපාල රජය වෙත අද (09) ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනි රුවන්ති දෙල්පිටිය විසින් කත්මණ්ඩු නුවරදී නේපාල විදේශ අමාත්‍ය ෂිසිර් ඛනාල් වෙත මෙම මුදල භාරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නේපාල ජනතාව කෙරෙහි ගැඹුරු සංවේගය සහ සහයෝගීතාවය නැවත අවධාරණය කළ තානාපතිනිය, ව්‍යසනයෙන් තම ආදරණීයයන් අහිමි වූ පවුල්වලට හෘදයාංගම ශෝකය පළකර තිබෙනවා.

නේපාල රජයේ අඛණ්ඩ මානුෂීය, සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා සහාය වීම සහ ගංවතුර සහ නායයෑම්වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම මෙම මූල්‍ය ආධාරයේ අරමුණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57