ලෝක ළමා දිනය සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනය අද (01) දිනට යෙදී තිබෙනවා.
1954 වසරේදී, එක්සත් ජාතීන්ගේ යෝජනාවකට අනුව ලෝක ළමා දිනය සැමරීම වෙනුවෙන් ඔක්තෝම්බර් 01 වැනිදා දිනය යොදා ගැනුණා.
“මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දිනය සැමරෙන අතර, ජාත්‍යන්තර වැඩිහිටි දිනය “දීර්ඝායුෂ යුගය, දිගු ජීවිත සඳහා පද්ධති පිළිබඳව නැවත සිතා බැලීම” යන තේමාව පෙරටු කරගනිමින් ජාත්‍යන්තර වැඩිහිටි දිනය සැමරෙනවා.













