spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජගත් මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අද සිට

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය අද (18) දිනයේ දී ආරම්භ වීමට නියමිතයි.

“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව සංවර්ධන ඉලක්ක ජය ගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැගීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” මෙවර ජගත් මහා මණ්ඩල සැසිවාරයේ තේමාව වී තිබෙනවා.

අද (18) ආරම්භ වන මෙවර සැසිවාරය ලබන 21 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙවර සැසිවාරයේ අවසන් දිනය වන ලබන 21 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා.

ජගත් මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා සහභාගිවීමට ජනාධිපතිවරයා ඊයේ (17) අලුයම ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත ළඟා වුණා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?