spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඡායාරූප ශාලාවක් ගිනිගෙන දැවෙයි (ඡායාරූප)

අලුත්ගම දර්ගා නගරයේ අඹ ගහ හන්දිය, ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට ඡායාරූප ශාලාවක හදිසියේ හටගත් ගින්නකින් එම ඡායාරූප ශාලාව ගිනිගෙන විනාශ වී ඇතැයි අලුත්ගම පොලිසිය සඳහන් කරයි.

මෙම ඡායාරූප ශාලාව ගිනි ගන්නා අවස්ථාවේ එහි හිමිකරු සිට නොමැති අතර අවුරුදු නිවාඩුවෙන් පසු අද එය (17) විවෘත කර තිබෙනවා.

ඡායාරූප ශාලාවේ පසුපසින් ගින්න හටගෙන තිබෙන බවත්, ප්‍රදේශවාසීන් මෙන්ම අලුත්ගම පොලිසිය මැදිහත්ව කළුතර නගර සභාවේ ගිනි නිවන රථ කිහිපයක් ගින්න හට ගත් අවස්ථාවේ එම ස්ථානයට ගෙන්වා ගින්න පාලනය කිරිමට කටයුතු කර ඇතැයි ද පොලිසිය වැඩිදුරටත් පවසා සිටියා.

ඡායාරූප ශාලාවට යාබද වෙළඳසැල් කිහිපයක් තිබෙන බවත් එම වෙළඳ සැල් වලට ගින්න පැතිර නැති බවත් එම වෙළෙඳසල්වලට කිසිදු හානියක් සිදු වී නැතැයි ද පොලිසිය අප වාර්තාකරැ හා පවසා ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම ඡායාරූප ශාලාව දෙමහල් ගොඩනැගිල්ලක පැවති එකක් බවත් පොලිසිය කියයි.

අලූත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?