spot_img
AFC Banner
Empty Ad
Empty Ad

චීන සරසවි සිසුන් තමන් ලැබූ උපාධිය කසල බඳුන් වලට වීසි කරයි

සරසවි අධ්‍යාපනය සාර්ථකව නිම කළ චීන සරසවි සිසුන් තමන් ලැබූ උපාධිය කසල බඳුන් වලට විසි කිරීමට පටන් ගෙන ඇති බව අද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඒ මෙම ගිම්හාන සාමය තුල එරට විරැකිය ප්‍රතිශතය තවත් ඉහළ නැගීමට ඇති වැඩි ප්‍රවණතාවය මත බවයි එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන්ව තිබුණේ

කොවිඩ් උවදුරින් කඩා වැටුණු චීන ආර්ථිකය යලි ඉහල නැංවීමට රජය බලවත් උත්සාහයක නිරතව ඇති මෙවන් අවස්ථාවක චීන උපාධිධාරීන්ගේ මෙම රිනාත්මක චින්තනය විශාල හිසරදයක් වී ඇති බව ඉන්දීය මාධ්‍ය තව දුරටත් වාර්තා කර තිබෙනවා.

චීනයේ පුද්ගලික අංශ රැකියා සඳහා ඇති ඉල්ලුමද බෙහෙවින් අඩු මට්ටමක පවතින බව එම වාර්තාව තව දුරටත් පෙන්වා දෙනවා . තිබෙන රැකියා සඳහාද අඩු වැටුප් ගෙවනු ලබන හෙයින් චීන තරුණ උපාධිධාරීන් එවැනි වැටුප් තල මත රැකියා කිරීමට අකමැත්තක් දක්වන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

ලබන ජුලි මස වන විට රැකියා අපේක්ෂිත තරුණ උපාධිධාරීන්ගේ සංඛ්‍යව මිලියන 12 කට ආසන්න විය හැකි බව චීන ආර්ථික විද්වතෙක් පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?