Fly high Get bonus Aviator Phone

චීන මුදල් ඇමතිගෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව චීන මුදල් අමාත්‍ය ලියු කුං (Liu Kun) මහතා පවසනවා.

චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන මුදල් අමාත්‍යවරයා අතර අද (19) පෙරවරුවේ බීජිං නුවරදී සිදු වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී යි චීන මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝගය පිළිබඳ මනා අවබෝධයක් චීනයට තිබෙන බව මෙහිදී පැවසූ චීන මුදල් අමාත්‍යවරයා එම අර්බුදයෙන් ගොඩඒම උදෙසා ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ද ඇඟයීමට ලක් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඉදිරියටත් චීනයේ පූර්ණ සහාය ලබාදෙන බවට ද මෙහිදී චීන මුදල් අමාත්‍යවරයා සහතික වුණා.

එසේම ශ්‍රී ලංකාව සහ චීනය අතර මූල්‍ය හුවමාරු කාර්යයන් සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනීම සිදු වූ අතර චීනය සමඟ සමීපව කටයුතු කරන වෙනත් ජාත්‍යන්තර ආයතන වෙතින් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවද චීන මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ආර්ථික අර්බුදයෙන් යළි නැඟිසිටීමේ අභියෝගාත්මක කාර්යයේදී චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහාය ඉතා අගය කරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේ.

රටේ ආර්ථික ප්‍රකෘතිය ඇති කර ගැනීම සහ තරගකාරී ඩිජිටල් හා හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිළි කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?