ගෝලීය කැලඹීම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර

ඉන්දියන් සාගරය කිසිදු ලෝක බලවතෙකුගේ තනි ආධිපත්‍යයකට නතු නොවී පවතින බව සහතික කිරීම සඳහා ආර්ථික, දේශපාලන සහ විදේශ සබඳතා යන ප්‍රතිපත්තිමය සාධක මත පදනම් වූ පුළුල් උපායමාර්ගික සැලසුමක අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

එය ගෝලීය වශයෙන් සිදුවන කැළඹීම් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කිරීමට පිටිවහලක් වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, රත්මලාන ඊගල් ලේක් සයිඩ් පරිශ්‍රයේ පැවැති ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දෙවන පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය අමතමින්.

මෙහිදී ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දෙවන පාඨමාලව සාර්ථකව සම්පූර්ණ කළ ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 36 දෙනෙකු වෙත උපාධි පිරිනැමීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණා.

ජාතික ආරක්ෂක විද්‍යායතනයේ වාර්ෂික ග්‍රන්ථයේ පළමු මුද්‍රණය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම මෙහිදී සිදු වූ අතර, ජාතික ආරක්ෂක විද්‍යායතනයේ සේනා විධායක මේජර් ජෙනරල් ඩී. ජී. එස්. සෙනරත් යාපා මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වා තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ආරක්ෂක ක්ෂේත්‍රය පැතිරී පවතින පුළුල් පරාසය හඳුනා ගනිමින් සාමාන්‍ය ජනතාව හා රජයේ නිලධාරීන් සඳහා ද කෙටි කාලීන පාඨමාලා පැවැත්වීමේ වැදගත්කම පෙන්වාදුන් අතර විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් පුළුල් ජාතික ආරක්ෂක උපාය මාර්ගයක් සකස් කළ යුතු බව ද සඳහන් කළා.

දෙවන ලෝක යුද්ධ සමයේ අද්මිරාල් එඩ්වින් තෝමස් ලයිටන් මහතාගේ නිවහන වූ වත්මන් ජාතික ආරක්ෂක විද්‍යාල ගොඩනැගිල්ල, 1942 දී ආරම්භ වූ දෙවන ලෝක යුද්ධයේදී ඉන්දියන් සාගරය සම්බන්ධයෙන් ගනු ලැබූ උපායමාර්ගික තීරණ පිළිබඳ සාකච්ඡාවලදී කේන්ද්‍රස්ථානය බවට පත්වූ බවයි ජනාධිපතිවරයා සිහිපත් කළේ.

එම වකවානුව තුළ එහි සිට ගනු ලැබූ තීරණ, ඉන්දියානු සාගරයේ බ්‍රිතාන්‍ය පාලනය පවත්වාගෙන යාම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

දෙවන ලෝක සංග්‍රාමයට පසු යුගය තුළ සිටි මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය වැනි නායක නායිකාවන් ඉන්දියන් සාගර කලාපය ලෝකයේ මහා බල එදිරිවාදිකම්වලින් මුදවා තබා ගැනීමේ අරමුණ සඳහා පෙරමුණ ගත් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළා. එම දැක්ම පසු කාලීනව බැන්ඩුන්ග් සම්මේලනයේ දී සහ ජකර්තා ප්‍රකාශය මගින් අනුමත කරමින් ස්වාධීන ස්ථාවරයකින් ජාත්‍යන්තර සබඳතා පැවැත්වීමට ඇති කැපවීම පිළිබිඹු කළ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ගෝලීය වශයෙන් භූ දේශපාලනික වෙනස්කම්වලට භාජනය වන විට, ඒකධ්‍රැවීය ලෝකයක සිට වඩාත් සංකීර්ණ හා ඒකාබද්ධ ලෝකයක් වෙත පරිවර්තනය වන බවත්, ජනාධිපති බයිඩන් යටතේ එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තියේ මෑතකාලීන වෙනස්කම් එම තත්ත්වය තවත් සංකීර්ණ කිරීමට හේතු වී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කරනවා.

G7 සහ සිව්පාර්ශ්වීය ආරක්ෂක කතිකාව (Quad) වැනි සන්ධාන බිහිවීම, ගෝලීය පිළිවෙල තුළ චීනයේ ගමන්මග යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම වෙනස් වන භූ දර්ශනය තුළ ශ්‍රී ලංකාව උපායමාර්ගික වශයෙන් දක්ෂ ලෙස හැසිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

යුක්‍රේන යුද්ධය, චීනයේ නාවික බලය සහ ඊශ්‍රායලයේ පවතින ගැටුම් ආශ්‍රිත පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වයංපෝෂිතභාවය ද පවත්වා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව සඳහා ජිනීවා වැනි සාම්ප්‍රදායිකව අවධානය යොමුවන ක්ෂේත්‍රවලින් ඔබ්බට දිවෙන විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාව ද අවධාරණය කර තිබෙනවා.

ගෝලීය දකුණේ සමාන අදහස් ඇති ජාතීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මෙම සන්දර්භය තුළ තීරණාත්මක වන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

2030 වන විට හරිත හයිඩ්‍රජන් ක්ෂේත්‍රය සඳහා ඩොලර් බිලියන 10 ක ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ඉලක්කය පිළිබඳ සාකච්ඡා සඳහා තමන් සහභාගී වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍ය බව ද කියාසිටියා.

දේශගුණික විපර්යාස සහ වෙළෙඳාම වැනි ජාත්‍යන්තර ගැටලු සඳහා විසඳුම් සෙවීම G77 රාමුව තුළ සිදුකිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

එසේම එළැඹෙන ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත නොබැඳි ජාතීන්ගේ සමුළුව සහ G77 සමුළුවේදී ගෝලීය දකුණට එම අරමුණු නැවත අර්ථ දැක්වීමට සහ ගෝලීය සාමය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණාත්මක වේදිකාවක් සපයනු ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

අනාගතය දෙස බලමින් සකස් කරනු ලබන ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්ෂක සමාලෝචනය පිළිබඳ වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ආරක්ෂාව, ආර්ථිකය මෙන්ම පරිසරය වැනි මෙතෙක් කාලයක් නොසලකා හරින ලද ක්ෂේත්‍රයන් පිළිබඳ සොයා බලා ඉදිරි කටයුතු සැලසුම් කිරීමේ වැදගත්කම ද අවධාරණය කර තිබෙනවා.

නිරන්තරයෙන් වෙනස්වීම්වලට භාජනය වන ගෝලීය භූ දර්ශනය තුළ ශ්‍රී ලංකාව ද සිය ගමන් මඟ සලකුණු කරන විට, පුළුල් පරාසයක් තුළ පැතිරුණු ඔරොත්තු දීමේ හා ඉදිරි දැක්මක් සහිත ජාතික උපායමාර්ගයක් සකස් කර ගැනීම වැදගත් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.11
00:00
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
00:00
Video thumbnail
චමින්ද වෙච්ච අසාධාරණයක් නිසා පාර්ලිමේන්තුවේ යකා නටයි - කුඩු විකුණලා නෙවෙයි..මට වුණ අසාධාරණයක්
04:10
Video thumbnail
චාමර නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි - සුදුළූණු පොඩි කරන්න ඕනි නෑ..වහාම විදුහල්පති අයින් කරන්න
02:48
Video thumbnail
රට වැටෙන එක නවත්තන්න අනුරට බෑ - ඩොලරය 370ට ගියොත් අනුරට ගෝඨාභය හම්බවෙනවා
04:32
Video thumbnail
අජිත්, චමින්ද, හර්ෂණ උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - මම මේකට උත්තර දෙන්න බැදිලා නෑ
07:14
Video thumbnail
"ඔහොමද යකෝ පාරේ යන්නේ - නවත්තපන් යකෝ..බයික් එකකුත් ය# කරගෙන ගිය බස් රථය..
01:44
Video thumbnail
යතුරුපැදි දෙකක් එකට වැදී සිදුවූ බිහිසුණු අනතුර - ළමයි හඬාවැටෙමින් අම්මා ළඟට එයි
01:27
Video thumbnail
ජනාධිපතිවරණයත් අපිට පාරට බැහැලා බලෙන් තමයි ගන්න වෙන්නේ - ටිල්වින්ලා දේශපාලනය දන්නවා
02:41
Video thumbnail
විපක්ෂය තියෙන්නේ බුදියගන්න නෙවෙයිනේ..මෙයාලව බලයෙන් ඉවත් කරන්න ඕනි
03:02