ගොස්ගොඩ රත් කරමින් වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන්ගේ යතුරුපැදිය සොයාගනී

අද (31) අළුයම 5.15 ට පමණ යතුරු පැදියකින් පැමිණි නාදුනන තරුණයින් දෙදෙනෙක් විසින් ටි – 56 ගිනි අවියකින් ගොස්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමේ සිදුවීමට අදාළ යතුරුපැදිකරුවන් පැමිණි යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 6ක් පමණ දුරින් කොස්ගොඩ අතුරුවැල්ල පාලම අසළ ගඟට පෙරලා දමා තිබිය දී මෙම යතුරුපැදිය සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ

මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තොස්ගොඩ දූවේමෝදර කැස්බෑ සංරක්ෂණ පර්යේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන අයෙකුගේ 23 හැවිරිදි පුත්‍රයා බවයි පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වී ඇත්තේ.මියගිය තරුණයා සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කරමින් සිට ඇති බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබෙනවා.

ඔහු සිය පියාගේ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයට සංචාරකයින් රැගෙන ඒම සිදුර තිබෙන බවත් එහිදී ඇති වූ ගැටුමක් මෙම ඝාතනය සදහා මූලික වන්නට ඇතැයි විශ්යාස කරන බවයි පොලිසිය පවසන්නේ. — විඩියෝව මෙතනින් නරඹන්න



අපගේ නවතම වීඩියෝ පුවත්