spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගොඩගම හංදියේ දී අවුරුදු තුනහමාරක දරුවෙක්ට දිවි අහිමිවෙයි

හෝමාගම, ගොඩගම හංදියේ දී අද අලුයම සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවෙක් මියගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසනවා.

අද (18) අලුයම 1.30ට පමණ ත්‍රිරෝද රථ තුනක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස අවාසනවන්ත ලෙස මියගොස් ඇත්තේ මාදුලාව ප්‍රදේශයේ පදිංචිව සිටි අබිරු කේසර නමැති වයස අවුරුදු තුනහමාරක දරුවෙක්.

අනතුරින් තුවාල ලැබූ මියගිය දරුවාගේ මව පියා සහ සහෝදරයෙකු හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

නුගේගොඩ සිට මාදුලාව ප්‍රදේශයේ නිවස කරා යමින් සිටිය දී ඔවුන් මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

මීගොඩ පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?