spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෙදරට නිතර ආ ගිය තරුණයා කළ කැත වැඩේ

තම බිරිද සමග අඹු – සැමි ඇසුරක් පවත්වමින් සිටි පුද්ගලයෙකුව කඩුවකින් කපා කොටා ඝාතනය කළ බව කියන සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය පවසනවා.

ඊයේ (16) වැනිදා දහවල් මාරවිල කොස්වාඩිය ප්‍රදේශය්දී මෙම ඝාතනය සිදුව තිබුණා.

ඝාතනයට ලක්ව ඇත්තේ මහවැව – ඉහළ කුඩාවැව පදිංචිව සිටි අධිකාරි මුදියන්සේලාගේ හේෂාන් සංකල්ප නම් අවු:25ක තරුණයෙක්.

මිය ගොස් ඇති තරුණයා සහ සිද්ධියට සම්බන්ධ සැකකරු හෙරෝයින් මත් කුඩු ජාවාරමට සම්බන්ධ අයවළුන් බව පොලීසිය පවසනවා.

ඒ අනුව මිය ගොස් ඇති අය නිතර සැකකරුගේ නිවසට නිතරම යන එන අයෙක් බවත් හෙළිව තිබෙනවා.

සිද්ධිය වූ ඊයේ (16) දිනයේ දහවල් මිය ගොස් ඇති තරුණයා සැකකරුගේ නිවසට පැමිණ තිබුණා.

එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ සැකකරුගේ බිරිද පමණක් බව පොලීසිය විසින් කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු නිවසට පැමිනෙන විට දැක ඇත්තේ තම බිරිද සමඟ තරුණයා අඹු – සැමියන් ලෙස ගත කරමින් සිටින ආකාරයයි.

ඉන් කෝපයට පත්ව ඇති සැකකරු කඩුවකින් තරුණයාට පහර දී පලා ගොස් තිබෙනවා.

බරපතල ලෙස කැපුම් කෙටුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති තරුණයා මිය ගොස් තිබුණා.

සැකකරුගේ බිරිදව විමර්ශන කටයුතු සදහා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කර ගෙන යයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
31
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?