AFC Banner
Empty Ad
Empty Ad

ගෙදරට ආ ග්‍රාම නිලධාරියා, ග්‍රාම නිලධාරිනියට අතවර කරන්න හදලා

ග්‍රාම නිලධාරිනියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන පරිපාලන ග්‍රාම නිලධාරීවරයෙකු කල්පිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පරිපාලන ග්‍රාම නිලධාරීවරයා ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (12) දිනයේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුයුක්තව කටයුතු කරන 35 හැවිරිදි ග්‍රාම නිලධාරිනියක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඉකුත් ජනවාරි මස 20 වනදා පරිපාලන ග්‍රාම නිලධාරීවරයා තම නිවසට පැමිණි අවස්ථාවේ දී ඔහු තමන්ට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බවට ග්‍රාම නිලධාරිනිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
2
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?