spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුරු උපදේශකයින් වෙත ගෙවණු ලබන ගැළපුම් දීමනාව වැටුප් වර්ධකයක් ලෙස පරිවර්තනය කිරීම නුදුරේදීම

ගුරු උපදේශකයින් වෙත ගෙවණු ලබන ගැළපුම් දීමනාව වැටුප් වර්ධකයක් ලෙස පරිවර්තනය කිරීම සදහා වන කැබිනට් පත්‍රිකාව කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස අධ්‍යානය පිළිබද ආංශික කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

අධ්‍යාපනය පිළිබදව ආංශික කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධක්‍රිෂ්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම උපදේශය ලබා දී ඇත. ගුරු උපදේශක සේවයේ ඇති ගැටළු පිළිබදව ඉකුත් අගෝස්තු මස 17 වෙනිදාද විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පවත්වා ඇත.අදාල ගැටළු සම්බන්ධයෙන් සියළුම පාර්ශවයන් කැදවා පුළුල් ලෙස සාකච්ඡා කිරීමට ගත් තීරණයක් අනුව විශේෂ ආංශික කාරක සභාව කැදවා තිබුණි.

ගුරු සේවයේ සිට ගුරු උපදේශක සේවයට අන්තර් ග්‍රහණය කිරීමේදී ඇතිවී තිබෙන ගැටළු නිරාකරණය කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම් එස්.එම්.රණසිංහ මහතා විසින් කාරක සභාවට කරුණු ඉදිරිපත් කර ඇත.මෙම ගැටළු නිරාකරණය කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානයද යොමු වී ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ගුරු උපදේශකයින් වෙත දැනට ගෙවනු ලබන ගැළපීමේ දීමනාව වැටුප් වර්ධකයක් බවට පරිවර්ථනය කිරීම සදහා වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සුදානම් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේය.එම කැබිනට් පත්‍රිකාව කඩිනමින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපනය පිළිබද ආංශික කාරක සභාවේ සභාපතිවරයා මෙහිදී අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයන් වන විමලවීර දිසානායක,රෝහිණි කුමාරි විජේරත්න,කුලසිංහම් තිලීපන්,අසංක නවරත්න,මුදිතා ප්‍රිශාන්ති,අමල් චින්තක මායාදුන්න,මංජුලා දිසානායක, මහාචාර්ය චරිත හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම කාරක සභාවට සහභාගී වූහ.

එසේම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි,ජේ. සී. අලවතුවල,කපිල අතුකෝරල, කුමාරසිරි රත්නායක,රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ද කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය මත මෙම කාරක සභා අවස්ථාවට සහභාගීවී සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?