යාපනය, පේදුරුතුඩුව, තික්කම් ප්‍රදේශයේදී ගුරුවරියක ගමන්ගත් යතුරුපැදියක් අනතුරට ලක්කොට පළාගොස් සැඟව සිටි ටිපර් රථ රියදුරා ඊයේ (24) අත්අඩංගුවට ගත් බව පේදුරුතුඩුව පොලීසිය පවසයි.
පසුගිය 21 වැනිදා වැලි පැටවු ටිපර් රථයක් ගුරුවරියක ගමන් ගත් යතුරුපැදියක් අනතුරට ලක්කර පළායන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන් වී තිබුණි.
එම අවස්ථාවේ අදාළ ටිපර් රථය නැවැත්වීමට ඒ් අසල සිටි පොලිස් නිලධාරීන් උත්සාහ කර තිබුණ ද ටිපර් රථයේ රියදුර අණ නොතකා පළාගොස් තිබුණි.
33 හැවිරිදි සැකකරු යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ සැඟව සිටියදී ටිපර් රථය ද සමඟ ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරට පත් ගුරුවරියගේ තත්ත්වය බරපතළ නොවන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.






