AFC Banner
Empty Ad
Empty Ad

ගුරුවරයා අටේ සිසුවියට ඉදල් මිටකින් පහරදීලා – මවගෙන් පොලිසියට පැමිණිල්ලක්

පාසල් ගුරුවරයෙකු විසින් සිසුවියකට ඉදල් මිටකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසනවා.

හලාවත – බුරුතකැලේ පදිංචි කාන්තාවක් විසින් සිදුකර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශණය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

08 වන වසර ඉගෙණුම ලබන තම දියණියට ඇය අධ්‍යාපනය ලබන පාසලේ ගුරුවරයෙකු විසින් වම් අතේ මැණික්
කටුව ප්‍රදේශයට ඉදල් මිටකින් පහර දී ඇති බවයි සිසුවියගේ මව පොලිසියට පැමිණිලිකර ඇත්තේ.

නිවසේ දී කරගෙන ඒමට දී තිබූ අධ්‍යාපන කටයුතු කීපයක් නොකිරීම හේතුවෙන් ගුරුවරයා විසින් සිසුවියට දඬුවමක් ලෙස මෙම පහරදීම සිදුකර ඇති බව මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?