Empty Ad
AFC Banner
Empty Ad

ගිවිසුමට අනුව ඊශ්‍රායලය, පලස්තීන සිරකරුවන් 90ක් නිදහස් කරයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පැවති දරුණු ගැටුම් අවසන් කරමින් සටන් විරාම ගිවිසුමකට මේ වනවිට දෙපාර්ශ්වයම එළඹුනා.

මෙම සටන් විරාම ගිවිසුමේ පළමු අදියරේ කොටසක් ලෙස බටහිර ඉවුරේ පලස්තීන සිරකරුවන් 90ක් නිදහස් කර ඇති බව ඊශ්‍රායල බන්ධනාගාර සේවය පවසනවා.

හමාස් සංවිධානය විසින් ගාසා නගරයේ රතු කුරුස සංවිධානයට ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමෙන් පසුව ඊයේ (19) දිනයේ දී මෙම පලස්තීන සිරකරුවන් පිරිස නිදහස් කර ඇති බවයි වාර්තා වුණේ.

ඊශ්‍රායල බන්ධනාගාරවලින් නිදහස් කරන ලද පලස්තීනුවන් අතර බටහිර ඉවුරේ සහ ජෙරුසලමේ කාන්තාවන් 69 දෙනෙකු සහ නව යොවුන් වියේ පිරිමි ළමුන් 21 දෙනෙකු සිටිනවා.

මෙලෙස නිදහස් කළ බොහෝ සිරකරුවන්ට නඩු විභාග කර හෝ වරදකරුවන් කර නොමැති බවයි වාර්තා වන්නේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ සටන් විරාමයේ පළමු අදියරේ දී ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 1,900ක් පමණ නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු පමණ නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 630 කට වැඩි ප්‍රමාණයක් ඉරිදා දිනයේ ගාසා තීරයට ඇතුළු වූ අතර, ඉන් අවම වශයෙන් 300ක් පමණ ගාසා තීරයේ උතුරු දෙසට ගමන් කළ බවයි එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ උප මහලේකම් ටොම් ෆ්ලෙචර් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40
Video thumbnail
සීගිරි ගලත් හෙට අනිද්දා මුං ටික විකුණනවා ෂුවර් - එක පෑන් පාරෙන් කරනවනම් මෙන්න වැඩ
14:52

?