AFC Banner
Empty Ad
Empty Ad

ගිනි නිවීමේ අභ්‍යාසය සිසුවෙකුට දිවි අහිමි කරයි

තායිලන්තයේ පාසලක ගිනි නිවීමේ අභ්‍යාසයක් අතරතුර ගිනි නිවන උපකරණයක් පුපුරා යාමෙන් සිසුවෙකු මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් පාසලේ තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පිපිරීම සිදුවීමත් සමග ගිනි නිවන උපකරණය මීටර් 10ක් පමණ දුරක සිටි මියගිය සිසුවා දෙසට විසිවී ඇති බව සඳහන්.

සහන කණ්ඩායම් ප්‍රකාශ කර ඇත්තේ ගිනි නිවන උපකරණය හිරු එළියට හෝ තාපයට නිරාවරණය වීම හේතුවෙන් ඇතිවූ දෝෂයක් මත පිපිරිම සිදුවන්නට ඇති බවයි.

මියගිය සිසුවා පාසල් අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි අයෙක් වන අතර ඔහුගේ වයස මෙතෙක් තහවුරු කර නැහැ.

ගිනි නිවීමේ අභ්‍යාසය සඳහා භාවිත කරන ලද ගිනි නිවන උපකරණ සියල්ල පොලිස් අධිකරණ වෛද්‍ය අංශය වෙත යවා තිබෙනවා.

සිදුවූයේ කුමක්ද යන්න සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ද පාසලට යවා ඇති බව තායිලන්ත බලධාරීන් සඳහන් කළා.

මියගිය සිසුවාගේ ඥාතීන්ට ශෝකය ප්‍රකාශ කරන රජය විපතට පත් වූවන්ට අමාත්‍යාංශයෙන් ආධාර සහ වන්දි ලබාදීමට කටයුතු කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?