ගිනි නිවීමේ අභ්‍යාසය සිසුවෙකුට දිවි අහිමි කරයි

තායිලන්තයේ පාසලක ගිනි නිවීමේ අභ්‍යාසයක් අතරතුර ගිනි නිවන උපකරණයක් පුපුරා යාමෙන් සිසුවෙකු මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් පාසලේ තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පිපිරීම සිදුවීමත් සමග ගිනි නිවන උපකරණය මීටර් 10ක් පමණ දුරක සිටි මියගිය සිසුවා දෙසට විසිවී ඇති බව සඳහන්.

සහන කණ්ඩායම් ප්‍රකාශ කර ඇත්තේ ගිනි නිවන උපකරණය හිරු එළියට හෝ තාපයට නිරාවරණය වීම හේතුවෙන් ඇතිවූ දෝෂයක් මත පිපිරිම සිදුවන්නට ඇති බවයි.

මියගිය සිසුවා පාසල් අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි අයෙක් වන අතර ඔහුගේ වයස මෙතෙක් තහවුරු කර නැහැ.

ගිනි නිවීමේ අභ්‍යාසය සඳහා භාවිත කරන ලද ගිනි නිවන උපකරණ සියල්ල පොලිස් අධිකරණ වෛද්‍ය අංශය වෙත යවා තිබෙනවා.

සිදුවූයේ කුමක්ද යන්න සොයා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ද පාසලට යවා ඇති බව තායිලන්ත බලධාරීන් සඳහන් කළා.

මියගිය සිසුවාගේ ඥාතීන්ට ශෝකය ප්‍රකාශ කරන රජය විපතට පත් වූවන්ට අමාත්‍යාංශයෙන් ආධාර සහ වන්දි ලබාදීමට කටයුතු කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14