ගෑස් භාවිතය කල්පනාවෙන් : ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියයි

ඉදිරි දින කිහිපයේත් ගෘහස්ථ ගෑස් පරිභෝජනයේදී පෙරට වඩා සැලකිලිමත් වන්නැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ජනතාවට දැනුම් දෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි දිනවලදී දැනට ගෘහස්ථව භාවිත කරන ගෑස් සහ අලෙවි නියෝජිතයින් සතුව ඇති ගෑස් පිළිබඳ තීරණයක් ගන්නා බවයි.

“ප්‍රථම පියවර තමයි ගැටළු සහගත ගෑස් රටට ඇතුල්වීම නතර කිරීම. ඒ වාගේම නිෂ්පාදනාගාර වලින් ප්‍රමිතියෙන් තොර ඒවා වෙළෙදපොළට නිකුත් කිරීම වැළැක්වීම. ඉතින් මේ ක්‍රියාමාර්ග දෙකම අරගෙන තියෙනවා. ඉදිරි දින කිහිපයේදී අලෙවි නියෝජිතයින් සතුව තිබෙන ඒවා සහ නිවාසවල තිබෙන ගෑස් සම්බන්ධයෙන් ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග පියවරෙන් පියවර ලබා ගැනීමට අප අනිවාර්යෙන්ම කටයුතු කරනවා.අපි කාරුණික ඉල්ලීමක් කරනවා සියලුම පාරිභෝගීක ජනතාවගෙන් පෙරට වඩා සැලකිල්ලෙන් අවදානය යොමු කරමින් ඉදිරි දින කිහිපයේදී ගෑස් භාවිතා කරන්න කියලා.” රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කර සිටියා.

මෙරට සිදුවූ ගෑස් අනතුරු සම්බන්ධ පැමිණිලිවලින් සියයට 53 කට වැඩි ප්‍රමාණයක් ගෑස් කාන්දුවීම් සම්බන්ධ පැමිණිලි බව ගෑස් අනතුරු සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කමිටුව පවසනවා.

ගෑස් අනතුරු සම්බන්ධ පැමිණිලි 458 ක් ඉකුත් ඉරිදා දින වනවිට ලැබී ඇති අතර ඉන් පැමිණිලි 430ක්ම ලැබී ඇත්තේ නොවැම්බර් 29 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා කාලය තුළයි.

අදාළ කාලය තුළ පමණක් ගෑස් කාන්දුවීම සම්බන්ධව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 227 ක්. පැමිණිලි 174 ක් ලැබී ඇත්තේ ගෑස් ලිපෙහි මුහුණත බිඳීයාම් හා ගෑස් ලිප් පුපුරායාම් සම්බන්ධයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2026 ඔස්ට්‍රේලියා වීසා නීති වෙනස් වෙයි | යන්න කලින් මේක දැනගන්න - Exclusive
Video thumbnail
මින් පස්සේ හයිවේ එකේ යන හැමෝම සීට් බෙල්ට් දාන්න ඕනේ
04:51
Video thumbnail
10 වසර සිසුවෙකුට 11 වසර සිසුන් ඉදල්, කොසුවලින් ප#රදීලා ? "11 වසර කියන්නේ තනිකර මැරයෝ ටිකක්"
08:49
Video thumbnail
ඩෙංගු වැඩිවුණේ ආණ්ඩුව නිසා - වර්ධනය වෙනකම්ම හිටියා
01:21
Video thumbnail
කංචනට යනවයි කිව්ව ගාණට වඩා ලොකු ගාණක් දැන් යනවා
05:28
Video thumbnail
මුළු රටම ආණ්ඩුවට එරෙහිව පෙළගැහෙනවා
11:50
Video thumbnail
කසාගල ඉවර කරන්න බෑ වෙන කාටවත්..ඉවර කරන්නේ මම - අපි කොහෙවත් මූල්‍ය පනත උල්ලංඝනය කරලා නෑ
15:46
Video thumbnail
තෙල් මිල අඩුවීම ගැන ඇමති අනිල් කියයි - ගබඩා කරගත්ත ඒවාගේ තියෙන්නේ වැඩි මිලට ගත්ත එක
01:19
Video thumbnail
යෝෂිත වෙනුවෙන් උසාවියට ආපු දේශපාලන ප්‍රබලයෝ
03:28
Video thumbnail
වාහන ආනයනයේදී අය කරන 15%ක බද්ද ගැන අනිල් ජයන්ත හෙළිකරයි - ආනයනය සීමා කරන්නේ නෑ අපි
03:42