AFC Banner
Empty Ad
Empty Ad

ගැබිණි ගුරුවරියක් දුම්රියට පැන සියදිවි නසා ගනී

නුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියට පැන පාසල් ගුරුවරියක් සියදිවි නසාගෙන ඇති බව රත්ගම පොලිසිය පවසනවා.

රත්ගම, ඕවකන්ද ප්‍රදේශයේදී මෙම ගුරුවරිය මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අද (20)දින දහවල් කාලයේදී මෙලෙස සිය දිවි නසාගෙන ඇත්තේ, බූස්ස, කැඳල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු මවක්.

පොලිසිය සඳහන් කළේ, මෙලෙස මිය ගිය ගුරුවරිය ගැබිනියක් වන බවයි.

ඇය මෙලෙස සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලිසිය සදහන් කළා.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මිය ගිය ගුරුවරියගේ මෘත ශරීරය ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
8
+1
5
+1
3
+1
43
+1
7
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?