බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටී දරුණු අනතුරක් (වීඩියෝ)

ත්‍රිකුණාමලය – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මූතූර්, ඉරුදයපුරම් ප්‍රදේශයේ දී ලොරි රථයක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද ( 01) දහවල් සිදු වූ මෙම අනතුරින් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

වේයන්ගොඩ ප්‍රදේශයේ වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.