ගාසා තීරයේ ඉන්ධන සහ ගෑස් ගන්න දිගු පෝලිම්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දින හතරක සටන් විරාමයේ දෙවන දිනය වන අද ගාසා තීරයේ ඉන්ධන සහ ආධාර ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ගසා වැසියන් අත්‍යවශ්‍ය භාණ්ඩ එක් රැස් කිරීමට, ගැටුම් හමුවේ අතුරුදන් වූ තම ආදරණීයයන් සෙවීමට සහ මෙන්ම වෙරළ තීරයේ ඇවිදීමට පවා සටන් විරාමය අතර උත්සාහ කරන බවයි වාර්තා වන්නේ.

ඇතැමුන් ඔවුන්ගේ නිවෙස්වලට ගොස් සිදුවී ඇති හානි දැක බලා ගැනීමට මෙන්ම ඉතිරිව ඇති දේ නැවත ලබා ගැනීමට කටයුතු කරන බව සඳහන්.

සටන් විරාමය හමුවේ පලස්තීන භූමියට තවත් සැපයුම්වලට ළඟා වීමට ඉඩ ලබාදී තිබෙනවා.

හමාස් සටන්කාමීන් විසින් දකුණු ඊශ්‍රායලයේ 1,200 දෙනෙකු මරා දමා 240කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඔක්තෝම්බර් 7 වැනි දින එල්ල කළ ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායලය ගාසා තීරයට සැපයුම් අවහිර කරනු ලැබුවා.

ඒ හමාස් සංවිධානය මැඩපැවැත්වීමේ ප්‍රති ප්‍රහාරවලට අමතරවයි.

එතැන් සිට ගාසා තීරයේ 14,500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

කටාරය මැදිහත් වී පනවනු ලැබූ දින හතරක සටන් විරාමයේ ප්‍රතිඵලය වන්නේ ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු සහ ඊශ්‍රායල සිරගෙවල්වල රඳවා සිටින පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් 150 දෙනෙකු නිදහස් කිරීමයි.

සිකුරාදා ආරම්භ වූ සටන් විරාමයේ පළමු දිනයේ ආධාර ට්‍රක් රථ 150ක් පමණ ඊජිප්තුවේ සිට ගාසා තීරයට සැපයුම් රැගෙන පැමිණ තිබෙනවා.

ඔක්තෝබර් 21 වන දින පළමු රථ පෙළ දේශසීමා තරණය කිරීමෙන් පසු ගාසා තීරයට ඇතුළු වූ විශාලතම ආධාර මෙය වූවද, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ තවත් තවත් අවශ්‍යව පවතින බවයි. ගාසා තීරය හරහා සන්නිවේදනය ද බොහෝ දුරට අඩාල වී තිබෙනවා.

කෙසේ වෙතත් එහි සිටින මාධ්‍යවේදීන් ප්‍රකාශ කර ඇත්තේ දකුණේ රෆාහි ඉන්ධන සහ අනෙකුත් සැපයුම් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් පවතින බවයි.

ආහාර, ජලය, ඉන්ධන සහ වෛද්‍ය සැපයුම් රැගෙන ට්‍රක් රථ අද අලුයම රෆා හරස් මාර්ගයේ ඊජිප්තු දේශසීමාවේ රැඳී සිට තිබුණා.

සෙනසුරාදා උදෑසන ඉන්ධන පිරවූ ටැංකි හතරක් සහ ගෑස් රැගත් තවත් ටැංකි හතරක් ගාසා තීරයට ඇතුළු වූ බව ඊශ්‍රායල හමුදාව තහවුරු කර තිබෙනවා.

ගාසා තීරයට ඇතුල්වූ රථ ඊශ්‍රායල හමුදාව විසින් පරීක්ෂා කිරීම හමුවේ ඒවා දේශ සීමාව ඉක්මවා යාම මන්දගාමී ක්‍රියාවලියක් වුණා.

ආහාර සැපයුම්, පානීය ජලය සහ ඖෂධ රැගත් ආධාර ට්‍රක් රථ 61ක් රෆාහි සිට ගාසා තීරයේ උතුර දෙසට ගමන් ආරම්භ කළ බව පලස්තීන රතු කුරුස නිලධාරීන් ප්‍රකාශ කළා. සටන ආරම්භයේ සිට උතුරට ළඟා වූ විශාලතම ආධාර පෙළ මෙය වනු ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

සටන් විරාමය පිළිබඳ බොහෝ දෙනෙකුට ප්‍රීතියක් තිබුණද, ගැටුම්වලින් අනතුරුව ඉතිරි වූ දේ ලබා ගැනීමට සහ සුන්බුන් යට තම ආදරණීයයන්ගේ සිරුරු ලබා ගැනීමට බොහෝ දෙනෙක් විනාශ වූ නිවෙස් වෙත ආපසු ගිය පසු එය දුකක් සමඟ මිශ්‍ර වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සියේ ප්‍රකාශිකාවක් පැවසුවේ භූමියේ තත්වය අතිශයින්ම භයානක බවත්, ගාසා තීරයට ළඟා වූ ආධාර සාදරයෙන් පිළිගන්නා නමුත්, සංවිධානය තවත් බොහෝ දේ අපේක්ෂා කරන බවයි.

මූලික සනීපාරක්ෂක ද්‍රව්‍ය මෙන්ම තවත් වෛද්‍ය උපකරණ, ඉන්ධන සහ ආහාර අවශ්‍ය බව ඇය සඳහන් කර තිබෙනවා.

ඇඳුම් පමණක් පිටේ තබාගෙන පලා යාමට සිදු වූ බවත් බොහෝ දෙනෙකුට නිසි ලෙස ඒවා සේදීමට නොහැකි වූ බවත් ජනතාව ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

බොහෝ පොදු ස්ථාන අතිශයින් ජනාකීර්ණ වන අතර, පාසල් සහ අනෙකුත් තැන්වල මිලියනයකට වඩා අවතැන් වූවන් සිටින බව එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සියේ ප්‍රකාශිකාව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38