ගාල්ලේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක ගැටලුවක්

ගාල්ල නගරයේ බාලිකා පාසලක උසස්පෙළ විභාග මධ්‍යස්ථානයේදී ඊයේ පැවති ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටි සිසුවියන්ට අසාධාරණයක් සිදුවී ඇතැයි දෙමව්පියන් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ තම දරුවන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදෙමින් සිටියදී ශාලාධිපතිනිය විසින් සිසුවියන්ගේ ගණක යන්ත්‍ර ලබාගෙන ඇති බවයි.

ඊට හේතුව වී ඇත්තේ විභාග අපේක්ෂකයින් කිහිපදෙනෙකු අනුමත නොකරන ලද ගණක යන්ත්‍ර විභාග ශාලාව තුළට ගෙන ඒම බව සඳහන්.

අධ්‍යාපන බලධාරීන් මෙම සිද්ධිය දැනුවත් කිරීමෙන් අනතුරුව පැයකට පමණ කාලයකට පසු ශාලාධිපතිනිය විසින් යළිත් වරක් ගණක යන්ත්‍ර අදාළ විභාග අපේක්ෂකයින්ට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

එහෙත් දරුවන්ගේ දෙමාපියන් චෝදනා කරන්නේ, ගණක යන්ත්‍ර යළි තෝරා ගැනීම සඳහා කාලයක් ගතවී ඇතත් පිළිතුරු ලිවීමට දරුවන්ට අමතර කාලයක් ශාලාධිපතිනිය විසින් ලබාදී නොමැති බවයි.

ඒ හේතුවෙන් තම දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුවු බවයි දෙමාපියන් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39