ගාල්ලේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක ගැටලුවක්

ගාල්ල නගරයේ බාලිකා පාසලක උසස්පෙළ විභාග මධ්‍යස්ථානයේදී ඊයේ පැවති ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටි සිසුවියන්ට අසාධාරණයක් සිදුවී ඇතැයි දෙමව්පියන් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ තම දරුවන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලබාදෙමින් සිටියදී ශාලාධිපතිනිය විසින් සිසුවියන්ගේ ගණක යන්ත්‍ර ලබාගෙන ඇති බවයි.

ඊට හේතුව වී ඇත්තේ විභාග අපේක්ෂකයින් කිහිපදෙනෙකු අනුමත නොකරන ලද ගණක යන්ත්‍ර විභාග ශාලාව තුළට ගෙන ඒම බව සඳහන්.

අධ්‍යාපන බලධාරීන් මෙම සිද්ධිය දැනුවත් කිරීමෙන් අනතුරුව පැයකට පමණ කාලයකට පසු ශාලාධිපතිනිය විසින් යළිත් වරක් ගණක යන්ත්‍ර අදාළ විභාග අපේක්ෂකයින්ට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

එහෙත් දරුවන්ගේ දෙමාපියන් චෝදනා කරන්නේ, ගණක යන්ත්‍ර යළි තෝරා ගැනීම සඳහා කාලයක් ගතවී ඇතත් පිළිතුරු ලිවීමට දරුවන්ට අමතර කාලයක් ශාලාධිපතිනිය විසින් ලබාදී නොමැති බවයි.

ඒ හේතුවෙන් තම දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුවු බවයි දෙමාපියන් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14