spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගැහැනුන්ට වඩා පිරිමි මට කැමතියි

අවුරුද්දට හතර සැරයක් අපේ පවුල එකතු වෙනවා

මේ දිනවල හෙක්ටර් ඩයස් කියන්නේ බොහෝ දෙනා අතර ජනප්‍රිය නළුවෙක්. ගායකයෙක් වූ හෙක්ටර්, නළුවෙක් වීමේ කතාව පිටුපස ඔහුගේ බිරිඳ පාඨලී සිටිනා බව පසුගියදා ප්‍රකාශ කළා. බිරිඳ සහ දරුවන් බැලීමට ගිය හෙක්ටර්ව සහ ඔහුගේ බිරිඳ පාඨලීව මේ කතාවට සම්බන්ධ කරගත්තේ ප්‍රංශයේ සිටියදීමයි.

හෙක්ටර් හදිසියේ ආයෙත් ප්‍රංශයට ගියේ දිවිතුරා හි රංගන කටයුතු අවසන් කරලද?

නැහැ. සති දෙකක පමණ කාලයකට තමයි මම ප්‍රංශයට ඇවිත් ඉන්නෙ. මේහෙදීත් දිවිතුරා ටෙලිනාට්‍යයේ දර්ශන ටිකක් රූගත කෙරෙනව. ඒ වගේම දිවිතුරා හි ඉදිරි සති ගණනාවක් සඳහා කොටස් කරල තමයි මම ඇවිත් ඉන්නෙ.

නළුවෙක් වෙන්න ඕන කියල හෙක්ටර්ට ලෙකු සැලසුමක් තිබුණද?

නැහැ, රඟපාන්න මගේ කිසිම බලාපොරොත්තුවක් තිබ්බෙ නැහැ. මම සංගීත ශිල්පියෙක් ලෙසිනුයි වැඩකටයුතු කරගෙන ගියේ. එක අවස්ථාවක විරාජ් වැලිවත්ත මෙහෙම වැඩක් තියෙනව කියල මට කතා කළා. නමුත් ඒ ඇරියුමත් එක්ක මට ඇතිවුණ ප්‍රශ්නයට මට මේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වෙයිද කියන එකයි. මොකද මම නළුවෙක් නොවුණ නිසා සහ මම රංගනය හදාරල නොතිබුණ නිසා පසුව මගේ බිරිඳ පාඨලී සමගත් සාකච්ඡා කළාම ඇයත් පැවසුවේ අපි මේක කරල බලමු කියල. අගස්තිගේ චරිතය කරන්න පටන් ගත්තට පසුව මම තේරුම් ගත්තා අපිට බැහැයි කියල දෙයක් නැහැ උත්සාහ කළොත් ඕනම දෙයක් කරන්න පුළුවන් කියල.

දැන් නම් නළු දිවිය ගැන ලොකු ලොකු බලාපොරාත්තු ඇතිවෙලාද ඇති නේද?

නැහැ. මට එහෙම ලොකු බලාපොරොත්තුවක් නැහැ. නමුත් හොඳ චිත්‍රපටයක් ලැබුණොත් ඒක භාරගන්න තැනක තමයි ඉන්නෙ දැනට. මම බොහොම තෘප්තියෙන් මේ දේ කරගෙන යනවා.

ඔබ කෙරෙහි කාන්තාවන්ගේ ආකර්ෂණය වැඩියි නේද?

කලාකාරයෙක් හැටියට මට කාන්තා ආකර්ෂණය කියන එක හරි වැදගත්. හැබැයි කාන්තාවන්ගෙ විතරක් නෙවෙයි පිරිමි අයගෙත් ආකර්ෂණයත් මට ලැබිලා තියෙනව. සමහර පිරිමි අය කියනව අපි රැවුල කපල සුදු කෙස් හා රැවුල් කළු කරගෙන හිටියෙ දැන් අපිට ආයෙ එහෙම කරන්න ඕන නැහැ කියල.

හෙක්ටර්ට කාන්තාවෝ අතර ලැබී තියෙන ජනප්‍රියත්වය පාඨලී භාරගන්නෙ කොහොමද?

එයා මට ලැබුණ මේ අවස්ථාව ගැන හරි කැමතියි. මේ ක්ෂේත්‍රයේ මම ගායනය වගේම තවත් දෙයක් කරනව කියන එකට එයා කැමතියි. ඒ වගේම එයා දන්නව කලාකාරයකුට හොඳ පැත්තනේ හරි නරක පැත්තතෙන් ලැබෙන ප්‍රතිචාර මේ ක්ෂේත්‍රයේ රැඳෙන්න වැදගත් කියල.

ඔබ ප්‍රංශයේ මොකද කරන්නෙ?

මගේ පවුලේ අයත් එක්ක මම ප්‍රංශයට එන්නෙ 2011 අවුරුද්දෙ. ඊට පස්සෙ මම 2012 ලංකාවට ඇවිත් මගේම කියල සංගීත කණ්ඩායමක් පටන් ගන්නව. මම ලංකාවේ තමයි වැඩි හරියක් හිටියෙ. ඒ අතර මගේ පවුලේ අය ලංකාවට එනව එහෙම නැතිනම් මම ප්‍රංශයට යනව. ඔය විදිහට අවුරුද්දකට හතර පස් සැරයක් අපි හම්බවෙනව. ලංකාවේ තමයි මම වැඩිපුර රැඳෙන්නෙ.

ඔබේ බිරිඳ නිරූපණයෙන් දායක වූ ගීයටත් ඉහළ ප්‍රතිචාර තියෙනව නේද?

ලොක්ඩවුන් කාලෙ අනිත් අය වගේම මමත් රැවුල ලොකු ප්‍රශ්නයක් කරගත්තෙ නැහැ. ඒක ඔහේ වැවෙන්න දීලා හිටියා ඔය කාලෙ තමයි නිල්වන් මුහුද තීරේ ගීතයේ නිර්මාණ කටයුතු පටන් ගත්තෙ. ඒ ගීතයට රූප රචනාව කොණ්ඩෙ රැවුල කපලා කරනවට වඩා ඔහොම තියාගෙන කරන්න තමයි සැලසුම් කළේ. ඉතින් ගීතයට වගේ එහි රූප රාමු වලටත් බොහෝ රසික ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. ඒ වගේම මගේ බිරිඳ පාඨලී මට ගොඩක් උදව් කරනවා මගේ පසුබිම හදාගන්න. මගේ අදහසක් තිබ්බා ඇය මගේ දෙයකට සම්බන්ධ කරගන්න. ඒකත් අලුත් දෙයක්නෙ. පාඨලීගේ පියාත් ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන ලක්ෂ්මන් හේවාවිතාරණ. ඒ උරුමය නිසා එයා ළඟත් කලාවට හැකියාවක් තියෙනවා.

ධම්මිකා සුරංජි පතිරණ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?