ගල්කිස්ස වෙරළේ දී සාජන් සහ කොස්තාපල්ට ගුටි දුන් පාසල් සිසුන් පිරිසක් අත්අඩංගුවට

ගල්කිස්ස වෙරළ තීරයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් පාසල් සිසුන් පස්දෙනෙක් ඇතුළු හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස පහරකෑමට ලක්ව වූ පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ගල්කිස්ස වෙරළ තීරයේ ගල්පර සහිත අනතුරුදායක මුහුදේ බීමතින් පුද්ගලයන් පිරිසක් අනාරක්ෂිත ලෙස දිය නාමින් සිටින බවට ගල්කිස්ස පොලිස් වෙරළ ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබෙනවා.

අදාළ තොරතුර මත පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී දියනෑමට නුසුදුසු අනාරක්ෂිත ස්ථානයක සිටි පුද්ගලයින් 06 දෙනෙකු නිරීක්ෂණය වී තිබෙනවා.

පසුව ඔවුන්ට එම ස්ථානයේ දිය නෑමට අනාරක්ෂිත බවට දන්වා ඇති අතර, ඉන් පිටව යන ලෙසට පොලිස් නිලධාරීන් දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථවේ දී එම පිරිස පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන කලහකාරී ලෙස හැසිරී ඇති අතර, නිලධාරීන් එම තත්ත්වය පාලනය කිරීමට යාමේ දී එම පිරිස පොලිස් නිලධාරීන්ට පහරදී තිබෙනවා.

පසුව මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති අතර, ඔවුන් වයස අවුරුදු 16 සහ 30 අතර වයස්වල පසුවන්නන්.

රත්මලාන, පිළියන්දල සහ අහුන්ගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41