ගල්කිස්ස මහ පාරේ වෙඩි තබා තරුණයෙක් මරා දැමූ වෙඩික්කරු අල්ලයි

ගල්කිස්ස, වෙරළ පාර අසල දී මාර්ගය පිරිසිදු කරමින් සිටි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොට්ටාව විහාර මාවතේ දී අත්අඩංගුවට ගත් සැකකරු ගුවන් හමුදාවේ වසර එකහමාරක කාලයක සේවය කළ අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, නයින් එම් එම් වර්ගයේ ජීව උන්ඩ 15 සහ යතුරුපැදි අංක තහඩු දෙකක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු 28 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පැය 48ක කාලයකට රැඳවුම් නියෝග ලබාගැනීමටට නියමිතයි.

මේ අතර අත්අඩංගුවට සැකකරු දෙහිවල පොලිස් වසමේ කඩවත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස ද කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් මීට පෙර යතුරුපැදිය පැදවූ පුද්ගලයා හා ඔත්තු බැලූ පුද්ගලයන් දෙදෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම අපරාධය විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මධ්‍ය ජාවාරම්කරුවක් වන බඩෝවිට අසංක නමැත්තා, ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම එරට සිට සිදුකරන සැන්ඩෝ නැමැත්තා හරහා ලබාදුන් රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට ලක් වූ තරුණයා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන දෙහිවල චතුරි නමැත්තියගේ පුත්‍රයා බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස් මල්ලි නැමැත්තාගේ ඥාතියකු බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?