ගල්කිස්ස මහ පාරේ වෙඩි තබා තරුණයෙක් මරා දැමූ වෙඩික්කරු අල්ලයි

ගල්කිස්ස, වෙරළ පාර අසල දී මාර්ගය පිරිසිදු කරමින් සිටි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොට්ටාව විහාර මාවතේ දී අත්අඩංගුවට ගත් සැකකරු ගුවන් හමුදාවේ වසර එකහමාරක කාලයක සේවය කළ අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, නයින් එම් එම් වර්ගයේ ජීව උන්ඩ 15 සහ යතුරුපැදි අංක තහඩු දෙකක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු 28 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පැය 48ක කාලයකට රැඳවුම් නියෝග ලබාගැනීමටට නියමිතයි.

මේ අතර අත්අඩංගුවට සැකකරු දෙහිවල පොලිස් වසමේ කඩවත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස ද කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් මීට පෙර යතුරුපැදිය පැදවූ පුද්ගලයා හා ඔත්තු බැලූ පුද්ගලයන් දෙදෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම අපරාධය විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මධ්‍ය ජාවාරම්කරුවක් වන බඩෝවිට අසංක නමැත්තා, ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම එරට සිට සිදුකරන සැන්ඩෝ නැමැත්තා හරහා ලබාදුන් රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට ලක් වූ තරුණයා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන දෙහිවල චතුරි නමැත්තියගේ පුත්‍රයා බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස් මල්ලි නැමැත්තාගේ ඥාතියකු බවයි අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04