ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්රකාශයක් සිදු කළේ යැයි කියන සිද්ධියට අදාළව බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන 29 වනදා යළි කැඳවිමට අද (23) කොළඹ මහාධිකරණය නියෝග කළා.
මෙම නඩුකරය අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙලෙස නියෝග කරනු ලැබුවා.
අද නඩුව කඳවූ අවස්ථාවේ දී විත්තිකාර ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ නැහැ.
ඉස්ලාම් ආගමිකයින්ගේ ශුද්ධ වූ කුරාණය සම්බන්ධයෙන් පළ කරන ලද අදහස්වලින් එම දහමට අපහාසයක් සිදු වී ඇති බව සඳහන් කරමින් දණ්ඩ නීති සංග්රහයේ ප්රතිපාදන යටතේ නීතිපතිවරයා විසින් ඥානසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
මෙම සිද්ධියට අදාළව පෙර නඩු දිනයේ දී ඥානසාර හිමියන්හට කොළඹ මහාධිකරණය මගින් වරෙන්තුවක් ද නිකුත් කර තිබූ අතර, ඉකුත් නඩු දිනයේ දී ඥානසාර හිමියන් සිරකරුවන් ඇදුණු ලබන සුදු පැහැති ඇදුමින් යුතුව විවෘත අධිකරණයේ පෙනී සිටියා.
