ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්

අලුත් අවුරුදු උත්සවය සමය වෙනුවෙන් ගම් බිම් බලා යන මගීන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස්කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා පැවසුවේ හෙට (07) සිට 18 වනදා දක්වා ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සඳහා බස් රථ 7000ක් යොදවා ඇති බවයි.

විශේෂයෙන් හෙට සිට 18 වනදා දක්වා විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක වන අතර 15 වනදා දක්වා කොළඹ සිට පිට පළාත්වලට බස් රථ ධාවනය සිදු කෙරෙනු ඇති.

15 වනදා සිට 18 වනදා දක්වා පිට පළාත්වල සිට කොළඹ බලා ගමන්කරන මගීන්ගේ පහසුව සඳහා විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

මෙම වැඩපිළිවෙල යටතේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ 7000ක් පමණ ධාවනයට එක් කෙරෙන අතර හදිසි අවස්ථාවක ධාවනයේ යෙදවීම වෙනුවෙන් බස් රථ 300ක පමණක පෞද්ගලික බස් රථ ඇණියක් ද සූදානම් කර ඇති බව නිලාන් මිරැන්ඩා ප්‍රකාශ කළා.

ඒ අනුව බැස්ටියන් මාවතේ සිට බස් රථ 3000ක පමණ පෞද්ගලික බස් රථ ප්‍රමාණයක් සහ ලංගම බස් රථ 4000ක පමණ ප්‍රමාණයක් මේ සඳහා එක් වනවා.

මෙම ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා ජංගම පරීක්ෂකවරු ද යොදවා ඇති අතර මගීන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශවවල සහාය ද ඉල්ලා ඇතැයි ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

මේ අතර බස්නාහිර පළාත තුළ පිහිටි වෙළෙඳ කලාපවල සිට සේවක සේවිකාවන්ට සිය ගම්බිම් බලා යාමට විශේෂ බස් රථ සේවයක් යොදවා තිබෙනවා.

අලුත් අවුරුදු කාලසීමාවේ බස් රථවල ජංගම වෙළෙඳාම තහනම් කර ඇතැයි ද ඔහු අනාවරණ කළා.

මේ අතර ගුණසිංහපුර සහ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ වෙත යාචකයින් ඇතුළුවීම නවතා ඇති අතර විශේෂයෙන් බස් රථවල කාර්යමණ්ඩලයට උපදෙස් ලබා දී ඇත්තේ බස් රථවල ජංගම වෙළෙඳාම සිදු කිරීමට ඉඩ ලබා නොදෙන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34