ගම්පොළ සිසුවෙකුට පොලිස් වෙඩි වැදුණු සිද්ධිය ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායමක් (ඡායාරූප)

ගම්පොළ, පන්විලතැන්න ප්‍රදේශයේ දී පොලිස් වෙඩි තැබීමකින් 18 හැවිරිදි පාසල් සිසුවෙකු තුවාල ලැබුවා.

අද (21) අලුයම සිදුකළ මෙම වෙඩි තැබීමෙන් සිසුවාගේ නිවසේ සුරතලයට ඇතිකළ රොට්වයලර් වර්ගයේ සුනඛයෙකු මිය ගියා.

ගම්පොළ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (21) අලුයම් කාලයේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

අදාළ නිවසේ නීති විරෝධී මත්පැන් ඇති බවට ලද තොරතුරකට අනුවයි පොලිස් නිලධාරීන් එම නිවස පරීක්ෂා කිරීමට ගොස් ඇත්තේ.

මෙම වැටලීම අතර තුර සුනඛයා සපාකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ද රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු පැවසුවේ මෙවැන්නක්.

“අපේ ගෙදර බල්ලා උදේ පහ හමාරට විතර කූඩුවෙන් එළියට දානවා 5.45ට විතර තුවක්කු ගත්ත පස් හය දෙනෙක් එකවරම ගේ පිටිපස්ස බැම්මෙන් මිදුලට පැන්නා එතකොට බල්ලා ඒ අයව හපන්න පැන්නා. මගේ මස්සිනා සහ මගේ පුතා එතන හිටියා පුතා පාසල් යනවා එයා උසස් පෙළ කරන්නේ. පොලිසිය එකවරම වෙඩි තිබ්බා පුතාටයි බල්ලාටයි වෙඩි වැදුණා. ගෙදර වහලටත් මේ අය වෙඩි තිබ්බා. ඊට පස්සේ පුතාට මේ අය මාංචු දාලා ගබඩා කාමරේට එක්ක ගියා. එයා විනාඩි 45ක් විතර එක ඇතුළේ තියාගත්තා. ඒ අය පුතා රෝහලට අරන් ගියේ නෑ .අපට අරන් යන්න දුන්නෙත් නෑ. බල්ලත් මැරුණා. පස්සේ පොලිසිය යන්න ගියා අපි පුතා පන්විලතැන්න රෝහලට අරන් ගියා. එතනින් එයා ගම්පොළ රෝහලට මාරු කළා.”

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් පත්කර තිබෙනවා.

මෙම සිද්ධියත් සමඟ පන්විලතැන්න ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
1
+1
3
+1
8
+1
1
+1
3
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?