spot_imgspot_img

ගණේමුල්ල සංජීව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

සජීව කුමාර සමරතුංග නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තා දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබාගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ගනේමුල්ල සංජීව නැමැත්තාට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මෙලෙස රැඳවුම් නියෝග ලබාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

මේ අනුව සැකකරු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවී තිබෙනවා.

මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් පැනගොස් විදේශ රටවල සිටි සැකකරු සිදුකර ඇති අපරාධ, මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග පවතින සම්බන්ධකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මෙම නියෝග ලබාගත් බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?