කොළඹ නගරය යළිත් වරක් ජලයෙන් යටවීමේ අවදානම ඇතිවීම වැලැක්වීමේ අරමුණින් කොළඹ ඇල මාර්ග පවිත්ර කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය දින කිහිපයකට පෙර ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ පිහිටි රෝහල්, බස්නැවතුම්පොල ඇතුළු බොහෝ ස්ථාන යටවී, ගමනාගමනයට බාධා ඇතිවුණා.
ඊට පිළියමක් ලෙස කොළඹ මහ නගර බල ප්රදේශයේ පවතින ඇල මාර්ග පවිත්ර කිරීමේ කටයුත්තක් දැන් දියත්කරනවා.
කොළඹ මහ නගර සභාව ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනවා.
එහි එක් අදියරක් ලෙස කිරුළපන ඇල මාර්ග හාරා ජලය ගලා බසින ආකාරයෙන් සකස් කිරීමේ වැඩපිළිවෙළක් කිරුළපන හා ඒ ආශ්රිත ස්ථාන කිහිපයක අද දින කොළඹ මහ නගර සභාව විසින් ක්රියාත්මක කරනු ලැබුවා.
