spot_imgspot_img

කෞතුක වස්තු සොරකමකට හිමිනමක් ඇතුළු තුනක් අල්ලයි

බෙන්තොට, යාත්‍රාමුල්ල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක තිබූ කෞතුක වස්තු සොරකම් කිරීමේ සිද්ධියකට හිමිනමක් සමඟ දෙදෙනෙකු අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විහාරස්ථානයේම වැඩවිසූ හිමිනමක් බවයි වාර්තා වන්නේ.

විහාරස්ථානයේ කෞතුකාගාරයේ තැන්පත් කරන තිබූ ඉපැරණි බුද්ධ ප්‍රතිමා 04ක්, තඹ කාසි, රිදී හවඩියක් ඇතුළු භාණ්ඩ කිහිපයක් මොවුන් විසින් මෙලෙස සොරකම් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?