කෝවිලේ පූජාවට පැමිණි කාන්තාවගේ රන් තැල්ල සොරකම් කළ පිරිස අත්අඩංගුවට

යාපනය,මන්දුවිල් ප්‍රදේශයේ කෝවිලක පූජාවට සහභාගි වූ කාන්තාවකගේ රන් තැල්ලක් සොරාගත් තිදෙනෙක් පෙරේදා (06) දිනයේ දී චාවකච්චේරි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදි, අදාළ කෝවිලේ CCTV දර්ශන උපයෝගිකර ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය 30 වැනිදා මන්දුවිල් පන්රිතලෙච් අම්මාන් කෝවිලේ පැවැත්වු විශේෂ පූජාවට සහභාගි වූ කාන්තාවගේ ගෙල බැදි රන් තැල්ලක් එම සැකකරුවන් විසින් සොරාගෙන ගොස් තිබුණා.

සොරකමට සම්බන්ධවු කාන්තාවක් පළමුව අත්අඩංගුවට ගත් බවත්, සැකකාරියගේ ප්‍රකාශ මත සොරකමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් සොරාගත් රන් තැල්ල කිලිනොච්චිය ප්‍රදේශයේ කෝවිලක පිළිමයක් පසුපස සඟවා ඇති බවට සැකකරුවන් විසින් ලබාදුන් තොරතුරු මත පොලිසිය විසින් එම රන් තැල්ල සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !