AFC Banner
AFC Banner
Empty Ad

කෝටි 64 ඉක්ම වූ හෂීෂ් සහ කුෂ් මෙරටට ගෙන ඒමේ දී අත්අඩංගුවට

රුපියල් තුන්කෝටි හැට හතර ලක්ෂ අසූ දහසක් වටිනා “හෂීෂ්” සහ “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි විදේශිකයෙකු අද (21) දින දහවල් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ මොහු උතුරු අයර්ලන්තයේ වාසය කරන 32 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන අතර ඔහු එරට කරාතේ සටන් ශිල්පය උගන්වන ගුරුවරයෙක් බවයි.

සැකකාර ගුවන් මගියා අද පෙරවරු 11.06 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන එන ලද ගමන් මළු දෙකක් තුළ “හෂීෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 370 ක් සහ “කුෂ්” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 908ක් සඟවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා.

මොහු ලෝකයේ විවිධ රටවල සංචාරය කර ඇති පුද්ගලයෙකු බව, ඔහුගේ ගමන් බලපත්‍රය ඇසුරෙන් සිදු කළ විමර්ශනවල දී අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ජනවාරි 27 වැනි දින දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?