කෝටි 64 ඉක්ම වූ හෂීෂ් සහ කුෂ් මෙරටට ගෙන ඒමේ දී අත්අඩංගුවට

රුපියල් තුන්කෝටි හැට හතර ලක්ෂ අසූ දහසක් වටිනා “හෂීෂ්” සහ “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි විදේශිකයෙකු අද (21) දින දහවල් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ මොහු උතුරු අයර්ලන්තයේ වාසය කරන 32 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන අතර ඔහු එරට කරාතේ සටන් ශිල්පය උගන්වන ගුරුවරයෙක් බවයි.

සැකකාර ගුවන් මගියා අද පෙරවරු 11.06 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන එන ලද ගමන් මළු දෙකක් තුළ “හෂීෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 370 ක් සහ “කුෂ්” මත්ද්‍රව්‍ය ග්‍රෑම් 908ක් සඟවා ගෙන සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා.

මොහු ලෝකයේ විවිධ රටවල සංචාරය කර ඇති පුද්ගලයෙකු බව, ඔහුගේ ගමන් බලපත්‍රය ඇසුරෙන් සිදු කළ විමර්ශනවල දී අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ජනවාරි 27 වැනි දින දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 05.03.2026
08:15:39
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් සැර සත්තමක්.."159 හුන්ඩුවට දාලා සේරුගාලා වන්ඩුදාලා තම්බලා ගන්න ඕනි"
06:39
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..හිටපු ජනපතිලා කැඳවන්න
00:31
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..ඉක්මනින් හිටපු ජනපතිලා කැඳවන්න..රටේ තත්ත්වය භයානකයි..
05:57
Video thumbnail
වරාය බලධාරින්ට ත#ජනය කරලා ?විමල්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්.. නැව වරායට ගත්තොත් ප්‍ර#රයක්?
05:54
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09
Video thumbnail
හෙක්ටර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව..කල්පිටිය ප්‍රදේශයම කළු දුමාරයකින් වැහිලා ගිහින්
02:31
Video thumbnail
ලංකාවට කාටවත් කිසිම බලපෑමක් කරන්න බෑ..නාවික හමුදාව ජාත්‍යන්තර නීතිය අකුරට පිළිපැදලා තියෙන්නේ..
06:17