spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝටි 30,000 දහසකට යුක්‍රේනයට විකුණන්න ගිය අකුණු සන්නායක කල්ලියට සිදුවූ දේ

විදේශ රටකට විකිණීම සඳහා මෙරට ඇති අකුණු සන්නායකයක් මිලදී ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා මුදල අයෝජනය කරන අයට යොදවන මුදල මෙන් පස් ගුණයක් ප්‍රතිලාභ ගෙවන බවට පවසමින් වංචාවක් සිදු කලේ යැයි කියන සැකකරුවන් 09 දෙනෙකු ඊයේ (10) නුවරඑලිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අකුණු සන්නායකය රුපියල් කෝටි තිස්දහසකට මිලදී ගැනීමට යුක්‍රේන රාජ්‍යයේ ගැණුම්කරුවෙකු ඇති බවත් එය මිලදී මුදල් යොදවන අයෙකුට රුපියල් කෝටි 100ක් ලබා දෙන බවට ද ඔවුන් විසින් ප්‍රකාශ කර ඇත.

සැකකරුවන් විසින් සිය දුරකථනවල ඇති අකුණු සන්නායකයක ඡායාරුප පෙන්වා එම අකුණු සන්නායකය මිලදී ගැනීම සඳහා එලෙස මුදල් ලබාගෙන ඇති බවට දැනට කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.

ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව මෙලෙස වංචාවට හසුකර ගෙන ඇති අතර, එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 520,000 බැගින් මුදල් ලබා ගෙන ඇත. එලෙස මුදල් ලබා ගත් පුද්ගලයින්ට ඔවුන්ගේ කණ්ඩායමේ සිටින ව්‍යාජ නීතිඥවරයෙකු මාර්ගයෙන් ගිවිසුමක් ද ලබාදීමට කටයුතු කර ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔහුන් සන්තකයේ තිබී රුපියල් එක් කොටි තිස් තුන් ලක්ෂ හැටදහසක මුදලක් සහ එම කටයුත්ත සඳහා මුදල් ආයෝජනය කල කිහිපදෙනෙකු සමග ඇතිකර ගත් ගිවිසුම් කිහිපයක් ද, මොටර් රථ 03 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව ප්‍රකාශ කළේ.

සැකකරුවන් නුවරඑලිය ප්‍රදේශයට පැමිණ තවත් කිහිප දෙනෙකුගෙන් මුදල් ලබා ගැනිමට උත්සහ කිරිමේදි පොලිසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?