කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගන් ඇවිත් – ව්‍යාපාරිකයා ගුවන්තොටේ දී අල්ලයි

රුපියල් තුන්කෝටි හැටපන් ලක්ෂ දහනව දහස් එකසීය අනූදෙකයි ශත දහනවයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් ,
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙක් කටයුනයක ගුවන් තොටුපොළේ දී ඊයේ (03) ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

මොහු ඊයේ (03) උදෑසන 09.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් සිය සිරුරේ පාර්සල් 04ක් ලෙස සකස් කළ ග්‍රෑම් 996ක් බරැති මෙම ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන මෙරට රැගෙනවිත් තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව සැකකාර මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ ස්වර්ණාභරණ තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණේ.

මේ අතර අද(04) අලුයම 04.45 තෙක් මේ පිළිබද විධිමත් රේගු පරීක්ෂණය පැවති අතර, එහිදී මෙම ස්වර්ණාභරණ තොගය රාජසන්තක කිරීමට සහ මෙම ගුවන් මගියාට රුපියල් ලක්ෂ තිස් හතක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කෙරුණා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57