කොළඹ සහ අවට ප්‍රදේශවල බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද (29) සිට යළි ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ අනුව පෙරවරු කාලයේ පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක අතර, පස්වරුවේ පස්වරු 4.00 සිට 7.00 දක්වා කාලය තුළ මෙම නීතිය ක්‍රියාත්මක කෙරෙනවා.
මෙම ව්‍යාපෘතිය අද (29) සිට ක්‍රියාත්මක කරන්නේ නියමු ව්‍යාපෘතියක් ලෙසයි.
මේ අතර බස් ප්‍රමුඛතා මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධරීන්ට උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.













